(ඩයනා උදයංගනී)
නව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍යාංශයන්ට අදාළ විෂයයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.
එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරය හොබවන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු විෂයයන්ට අදාළ ආයතනයන් ද පවරා ඇති අතර සමාජ සවිබලගැන්වීම් විෂය නිවාස හා සමාජ සුබසාධණ අමාත්‍යාංශයට ගැසට් කර ඇත.
තරුණ, කාන්තා හා ළමා කටයුතු විෂයයන්ට අදාළ ආයතන ගැසට් කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයටය.
දිනේෂ් ගුණවර්ධණ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වෙත මුස්ලිම් ආගමික කටයුතු විෂය පවරා තිබේ.
තවත් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ සියලූ ආයතන හා දෙපාර්තමේන්තු දයාසිරි ජයසේකර මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.
මීට අමතරව අන්තර්ජාතික වෙළඳාම හා ආයෝජන ප‍්‍රවර්ධන, තැපැල් හා විදුලි සංදේශ, කම්කරු, විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, කර්මාන්ත හා වාණිජ, වැවිලි කර්මාන්ත සහ වෙළඳ, පාරිභෝගික, සමූපකාර සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු යන අමාත්‍යාංශයන්හි ද විෂයයන් මෙහි ගැසට් කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තවත් අමාත්‍යාංශ 10ක විෂය ගැසට් වෙයි
Sanath Kandy Sunday, 11 November 2018 08:09 AM
කිව්වත් වගේ විද්‍යාත්මක පදනමකින් බෙදල තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශයට වනිතා කටයුතු. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුස්ලිම් කටයුතු. නියමයි.
sam Sunday, 11 November 2018 08:35 AM
අපි කැකිල්ලේ රජ්ජුරුවන්ව උපහාස කතා සඳහා යොදා ගන්නා ආකාරයටම ලෝක ප්‍රජාව අපේ රජය හා එහි කටයුතු උපහාස කතා සඳහා යොදා ගන්නා දිනය වැඩි ඈතක නොවේ