IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තාවකාලික ඇණහිටීම ගැන ෆේස්බුක් සමාගම කනගාටුව පළකරයි

ඉතිහාසයේ සිදුවූ බරපතලම ඇණහිටීම සම්බන්ධයෙන් තම සමාගම කනගාටුව පළකරන බව ෆේස්බුක් සමාගම පවසුවේය.
 
ගෝලීය වශයෙන් භාවිතා කරන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස් බුක් මාධ්‍ය ඊයේ (13) තාවකාලිව බිඳ වැටුණි.
 
මීට පෙර 2008 වර්ෂයේදී මෙවැනි බිඳ වැටීමක් සිදු වී ඇති අතර එහිදී මිලියන 150ක් පමණ පරිශීලකයන් අපහසුතාවයට පත් වී ඇත.
 
අද වන විට බිලියන 2.3 ක පමණ පරිශීලකයින් පිරිසක් ෆේස්බුක් භාවිත කරන අතර ඒ අතරින්  ඇමෙරිකාව, ජපානය හා ඕස්ට්‍රේලියාව යන රටවල පරිශීලකයින් විශාල ප්‍රමාණයක් මෙම බිඳවැටීමෙන් අපහසුතාවයට පත්වී ඇත.
 
ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය  මෙන්ම වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා ද තාවකාලිකව බිඳ වැටී ඇති අතර අත්හිටුවීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
 
 
(බීබීසී ඇසුරෙනි) 
 
63226



අදහස් (11)

තාවකාලික ඇණහිටීම ගැන ෆේස්බුක් සමාගම කනගාටුව පළකරයි

Uditha - London Thursday, 14 March 2019 05:45 AM

ඔය වසංගතේ තාවකාලික ඇණහිටීම නෙවේ .... සදහටම ඇණහිටින වනම් මම නම් කැමති.. ඕක මහා වසංගතයක්.. දරු පර පුර නැති කරන්න ආව මගුලක් ඕක.. අපේ යුගයෙන් පස්සේ දරු පරම්පරාව මන් හිතන්නේ නැහැ පොත් කියවනවා බලනවා කියල.. කොළොඹ මහජන පුස්තකාලේ පරිහරණය කරන පිරිස 1996න් පස්සේ හොයල බලන්න කොච්චර අඩු වෙලාද කියල...ඔය මගුල නැති බංගස්තාන වෙලා යනවනම් මම කැමති..

:       7       513

පෙරුමාල්Thursday, 14 March 2019 06:46 AM

වෙනස් වීම ස්වභාවයයි. වෙනස් වීමට වෛර නොකර ඒ හා එක් වන්න.

:       637       46

Sanath KandyThursday, 14 March 2019 07:20 AM

වෙනස් වීම හොඳයිනම් විතරක් බාර ගමු. නරකයිනම් අයින් කරමු. මේ මුහුණු පොත දවසකට මොනතරම් මිනිස් පැය ප්‍රමාණයක් කා දමනවාද? තොරතුරු තාක්ෂණයේ දියුණුව මානව සංහතියේ ප්‍රගමනය වෙනුවෙන් භාවිතා කළ යුතුයි. සියලුම සමාජ ජාල මේ සඳහා පෙළඹ විය යුතුයි. දැනටමත් එවැනි ලෝක ජනමතයක් නිර්මාණය වෙමින් පවතිනවා.

:       0       116

Uditha - LondonThursday, 14 March 2019 09:00 AM

වෙනස් වීමට වෛර නොකර ඒ හා එක් වන්න තිබුනා. සමාජයට පිළිලයක් නොවන දෙයක් නම් යාළුවා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.. අද පවුල් සංස්ථාව හුදකලා වෙලා මේ දේ නිසා.. දරුවෝ දෙමව්පියන්ගෙන් ඇත් වෙලා..ඔබ කැමතිද ඒ වෙනසට..

:       0       55

gamini Thursday, 14 March 2019 06:20 AM

සදහටම අනහිටියනන් හොදනෙ... අපේ මිනිස්සු අයෙත් කතාකරන්න ගනීවි !!

:       0       165

ජයන්ත මිලානෝ Thursday, 14 March 2019 07:46 AM

ඇත්ත සදහටම ඇනහීටි නම් අපේ රටට නම් යහපතක්ම වෙයි .මේනිසා පවුල් කඩා ඉහිරිම,අනියම් පෙම් සබදතා නිසා ජීවිත අහිමි වීම ,සමාජ දූෂණ කුඩු පාටි එකි නොකි හැම වියසනයක්ම මේ ෆේස් බුක් වසංගතය නිසා රට වේලාගෙන. එක්කෝ රජය මෙය අපේ රටේ තහනම් කලයුතුයි.

:       1       44

Sapumal. Thursday, 14 March 2019 08:57 AM

ෆේස් බුක් නිසි ආකාරයට ලොව බොහෝ දෙනා භාවිතා කලත්, එය අප රටේ සමහරුන් යොදා ගන්නේ වැරදි ආකාරයටයි. ලොව බොහෝ මිනිසුන් මෙයින් උපරිම ඵලදායි වැඩ කරනවා. ළමුන් ඉගෙන ගන්නවා. අප රටෙත් ෆේස් බුක් හරහා හොඳ දේ කරන, ඉගෙනගන්නා හා සාර්ථක ලෙස ව්‍යාපාර කරනා අය සිටීමම සතුටට කරුණක්. පිහිය මිනී මරන්නත්, එළවලු පලතුරු කපන්නත් යොදාගන්න පුළුවන්. කව්රුන් හෝ පිහියෙන් මිනී මැරුවොත්, පිහියට බැනීම හරි දෙයක්ද ? ගින්දර උයා පිහා ගන්නත්, වෙනත් ප්‍රයෝජනවත් දේත් සඳහා අපහට අත්‍යවශ්‍යම දෙයක්. සමහරුන් ගින්දර ගෙවල් ගිනි තැබීම වැනි විනාශකාරී දේට යොදවනවා. එයට ගින්දරට බැනලා හරියන්නේ නැහැ. මේ නවීන මාධ්‍යයත් එහෙමයි. වරද තියෙන්නේ අපේ සමහර අනුවණ අයගේ. රජයට හා සියලු බුද්ධිමතුනට අවශ්‍ය නම් මේ තුලින් රට ජාතිය ලොව ඉහල තලයකට ගෙන ආ හැකියි. ඒත් ඒ සඳහා ඔවුන්ට නිසි උවමනාවක් නැහැ.

:       0       127

dias Thursday, 14 March 2019 09:01 AM

ඕපදුප පතුරුවමින් සමාජයටම හෙනයක් වන ඔය සමාජ ජාලය සඳහටම ඇණහිටී නම් එය යහපතකි.

:       12       1

sachith Thursday, 14 March 2019 09:15 AM

ෆේස්බුක් කියන්නේ කාලෙන් කාලෙට තාක්ෂණයත් එක්ක එක්වෙන දෙයක්. අපි පොඩි කලේ මිනිස්සු බැටරි දාන රේඩියෝ අතේ අරන් යනවා අහන්න. ඒ වගේ තමයි මේකත්. ඒක නිසා මේකට බනිනවට වඩා මිනිස්සු මේ විදිහට මේකේ වැරදියට හැසිරෙන්නේ ඇයි කියල හොයලා බැලුවොත් නරකද? මොකද ෆේස්බුක් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඔය කියන ඒවා නෙවෙයි.. මෙයාලගේ තාක්ෂණෙත් එක්ක අපිව කවුද කියන එක මෙයාලා හරියටම දන්නවා.. අපේ පුද්ගලිකත්වය සම්පුර්ණෙන්ම මෙයාලා භාවිත කරනවා.

:       1       11

chinthaka Thursday, 14 March 2019 11:33 AM

කතාවක් තියෙනවා ඕනිම දෙයක් ඕනිවට වඩා කොහොමත්ම එපා කියල. ෆේස්බුක් එක අවශ්‍ය දේකට විතරක් පාවිච්චි කරන්නේ නැතුව පැය 24ම එකේ ඉන්න ගියොත් කරුමයක්ම තමයි. හැබැයි කවුරු කොහොම කිව්වත් මනුෂ්‍ය සංහතියේ යහ පැවැත්මට ෆේස්බුක් වලින් කරපු හානිය බොහොම වැඩියි.

:       0       0

prabha Thursday, 14 March 2019 12:39 PM

පෙරුමාල් පෙන්නලා තියෙන්නේ ඔහුගේ නැණ පමණ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site