IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තෙල් මිලදී ගන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර් ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.

නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා හමුවූ අතර, එහිදී මෙම ඉල්ලීම කළ බව විදේශ  අමාත්‍යාංශය කියා සිටී.

මෙහිදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කරුණු දැක්වූ අතර  විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටියේය.

ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය අල් ජබාර් මහතා කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බවත් , එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළේය.

ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙරටේම අමාත්‍යවරුන් එකඟ වූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මේවන විට ශ්‍රී ලාංකිකයින් 300,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරන අතර , විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර දී ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම ගැන ද අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කළේය.

තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා  සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ මෙරට විදේශ අමාත්‍යවරයා , ඉක්මනින්ම එතුමාව ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළේය.



අදහස් (6)

තෙල් මිලදී ගන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ඉල්ලයි

සිල්වා Friday, 24 September 2021 05:55 PM

හිඟමන් ඉල්ලන්න මුස්ලිම් රටවල් විතරක් ද තියෙන්නේ?

:       9       25

Ranaweera Friday, 24 September 2021 09:57 PM

ආනන්ද බවන් සින්දුව මතක් වෙනවා.

:       1       1

lanka Friday, 24 September 2021 11:12 PM

කොහොමද තනි සිංහල ආණ්ඩුව....

:       0       2

Mr Don Friday, 24 September 2021 11:47 PM

කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා.

:       0       2

sam Saturday, 25 September 2021 09:08 AM

ලෝකෙ වටේ හිඟමනේ යන ඇමැති ලැජ්ජයි... ලංකාවේ දේශපාලකයෝ, හොරාකාපු ධනය එළියට දාන්න කියන්නකෝ...එතකොට තව අවුරුදු 10ක් විතර ඒ සල්ලි වලින් ලංකාව දුවන්න පුළුවන්. මේ කාලකණ්ණි දේශපාලකයෝ ඒ තරම් රටේ සල්ලි මංකොල්ල කාලා තියෙනවා. හෙණම ගහන්න ඕනේ...

:       0       2

කෝරාලගේ Saturday, 25 September 2021 09:37 AM

රාජ්‍ය කළමනාකරණයේ ඉතාම දරුණු නොහැකියාව නිසා නන්නත්තාර වුණු රටක් මේ ලෝකේ වටේ හිඟමනේ යන විදිය දැක්කාම රටට මොනතරම් අපකීර්තියක්ද, ලැජජාවක්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site