(ඩී.කේ.රත්න)
බදුල්ල තල්දෙන බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ දඩුවම් විදිමින් සිටි සිරකරුවන් දෙදෙනෙකු අද (20) එම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
හෙරොයින් මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකක සිර දඩුවමක් නියමු වූ පහල ඉඹුල්ගොඩ ඉඹුල්ගොඩ පදිංචි වයස අවුරුදු 37 ක සිරකරුවෙකු හා හෙරොයින් මිලි ග්‍රෑම් 480 ක් ලඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසරක සිර දඩුවමක් නියම වූ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණයෙකු මෙසේ බන්ධනාගාරයෙන් පලා ගොස් තිබේ.ෙ
පලාගිය පුද්ගලයින් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බදුල්ල පොලිසිය මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට සිංගප්පූරුවට ගිහින් ඇති.
ටිකක් එළියේ ඉන්නකොට කන්න නැති අමාරුවයි, ජීවන වියදම් ප්‍රශ්නයි... එනකොට මේ දෙන්නට තේරෙයි යකෝ හිරේට වෙලා ආණ්ඩුව ගානේ නිකන් කකා හිටියා නම් හොඳයි නේද කියලා...
වෙන දෙන්න දෙයක් නැතිවද මන්දා තල් දෙන්නේ..?