(විනීතා එම් ගමගේ)
අධිකරණයේ විනිසුරුවන් පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් කිරීමට පෙර ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ අධිකරණ අමාත්‍යවරිය ලෙස තමන් දැනුවත් කිරීමේ යුතුකමක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාට තිබුණේ යැයි අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
ඔහු නගන අන්දමේ චෝදනාවක් ගැන කිසිදු විනිසුරුවෙකු සම්බන්ධව මෙතෙක් තමන් වෙත කරුණු අනාවරණය වී නැතැයි පවසන ඇමැතිවරිය මේ ප‍්‍රකාශය හේතුවෙන් විනිසුරුවරයකුට සිත් රිදීමක් වූයේ නම් තමන් කනගාටුව පළ කරන බව ද කියා සිටියාය.
කෙසේ වෙතත් ත‍්‍රස්තවාදයට සහය දෙන බවට කවර හෝ නිලධාරියකු පිළිබඳව ඔප්පු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරිය පවසන්නීය.
අතුකෝරළ මහත්මිය මේ බව සඳහන් කරන්නේ සමහර විනිසුරුවන් ත‍්‍රස්තවාදින්ට සහය දෙන්නේ යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් පසුගියදා කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමිනි.


COMMENTS
ඔක්කොටම අමු කැවිලා... ලංකා ඉතිහාසයෙහි මෙවන් ආණ්ඩුවක් මීට පෙර බිහි වී නැත... අමිමො ආයෙ නොපතන් මෙවන් අාණ්ඩුවක් ...
අනුනට ඇඟිල්ල දික් කරනුයේ තමා ගැන සැඟවීමට විය හැකිය. අතුකෝරළ මහත්මියට ඇත්තේ කණගාටු වීම නොව චෝදනා කරන්නාත් චෝදනා ලබන්නාත් ගැන සෙවීමය. මෙය කාගේවත් පෞද්ගලික ප්‍රශ්නයක් නොව. ජාතික ප්‍රශ්නයකි
තලතා එයාගේ අපරිනිත භාවය ප්‍රධර්ශනය කරයි. අසාද්සාලි ගෙන් ප්‍රශ්න කරලා කවුද කියල අහන්නේ නැතුව නිකන් පිස්සු කතා මාධ්‍යට කියලා ගොන් පාට් පෙන්නනේ නැතුව ඉන්න.
මේ වගේ ලෝක විහිළු ඇහුවේ 2015 අවුරුද්දෙන් පස්සේ. ඊට කලින් 2009 ඉදන් හිටපු ආණ්ඩුවේත් මේ වගේ ජෝක් තිබුනා නමුත් මෙච්චර තදේට පිස්සු තිබුනේ නැහැ. දැන් දෙගොල්ලොම එකතු වෙලා පිස්සු කෙලින්නේ.
ඔන්න ඕක තමයි ප්‍රශ්නය. යමක් හරි හැටි නොදැන හරි හෝ වැරදි කියන්න අමාරුයි. පසුගිය දවස්වල සිදුවුණ දේවල් වගේමයි මේකත්. යමක් සොයබලන්නේ නැතුව ඉන්නවා.
අන්තවාදී චෝදනා එල්ලවී සිටින ආන්ඩුකාරවරු සහ ඇමති වරු බොහෝවිට තමුන්ගේ ඇග බේරාගැනීමේ සෙල්ලමක් පටන්ගෙන ඉන්නවා වෙන්නත් පුලුවන්. එක්කෙනෙක් නම් රටත් පැනලා නේද. හොරු ඇල්ලුවේ නැති පාලකයන් තමුන්ගේ පන්තියේ හෝ මට්ටමේ පිරිස් අල්ලනවා කියයි නම් හිතන්න බෑ. රට ගැන හිතන බුද්ධිමත් නායකයෙක් සහ කන්ඩායමක් මිනිස්සු ඉස්සරහට පත්කරගන්න ඔන. එහෙම නැත්තම් එවැනි නායකයෙක් රට බලෙන්ම අරන් මේ තක්කඩින් ටික අතුගාලා දාන්න ඔන.
තරා තිරම නොබලා හහ් හහ් හා.
තලතා, ඔයත් මොනවටද බොරු මාධ්‍ය සංදර්ශන? අසාද් සාලිගෙන් කටඋත්තරයක් ගන්න පොලිසිය යොදලා වගකියන විනිසුරුවන් ගැන... පසුව නීතිය ක්‍රියාත්මක කරන්න. ඕවා මාධ්‍යයට කිව්වා කියලා අපි මොනවා කරන්නද?
ඔය ගොල්ලන්ට ඇත්ත පේන්න බැහැ. අස්සයා පැනලා ගියාම ඉස්තාලය වහන්න තමයි මේ ගොල්ලන් දක්ෂ. වැරදි මහේස්ත්‍රාත්ලා අල්ල ගන්නැතුව, ඔත්තුව දුන්නු එකට බනිනවා. මේ ගොල්ලන් එන්නේ ජනතා සේවයට කියලා. කරන දෙයක් නැහැ.
ජනතාව රවටන්න බොරු බයිලා... අප ජනතාව මේ ආණ්ඩුවේ තරම තේරුම් අරගෙන ඉන්නේ.... අනික අසාද් සාලි වහාම අත්අඩංගුවට අරන් පරීක්ෂණ පවත්වන්න.
මේ නෝනගේ අර වහන්නේ නැති උසාවි වලින් තවම කාටවත් දඬුවමක් දුන්නේ නැද්ද? මාස දෙකෙන් වැඩ කිඩ පෙන්නනවා කියලයි පටන් ගත්තේ. තවම සමහරු උසාවිය පැත්තේ ගෙන්වා ගන්නවත් බැරිවෙලා තටමනවා. තව මාස කීයද ඉතුරුවෙලා තියෙන්නේ?
ඔබතුමියගෙන් අහලා කිව්වා නම් වෙන්නේ හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක්නේ නෝනා...!!!
අනේ දෙයියනේ.. මේවගේ තනතුරුවලට උගත් සුදුස්සන් පත් කරන්න... අපේ නායකයින්ගේ මොලේ පහළ වේවා..!!!
ඔයාට දැනුම් දුන්නයි කියලා වැඩක් නැති බව ඔයාගේ ප්‍රකාශයෙන්ම පේනවා. රිෂාර්ඩ් බදුර්දීන් රටෙන් පැනලා ගිහින්... ඔහු පැනල යන්නට පෙර ඔබ ගත්තු ක්‍රියාමාර්ග මොනවද? නිකන් ජෝකර් කෙනෙක් වෙන්නේ නැතුව ඔය නිලය වෙන කාට හරි දීලා ගෙදරට වෙලා ළමයි බලාබෙන හොඳ ගෘහසේවිකාවක් වුණානම් අඩුගානේ ළමයින්ටවත් සෙතක්...
කණගාටු පලකිරීම නොවේ මෙතන වෙන්නෝන. වහාම අසාද් සාලිව පරීක්ෂණයට යොමු කරන්න. ඔහුගේ මේ ප්‍රකාශය ජනතාව මුලා කරන සහ තමාට එල්ලවෙන චෝදනාවෙන් මගහරින්න කරන්න උත්සාහය. ඔහු කිව්වා මේවා ඔහුට ඔප්පු කල හැකි බවත්. දැනටමත් මේ ත්‍රස්ත කල්ලියේ දෙදෙනෙක්ව අත්අඩංගුවෙන් නිදහස් කරන්න ආණ්ඩුකාරවරු දෙදෙනෙක් සම්බන්දයි කියල චෝදනා එල්ලවී තියනවා.