IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තිරු කුමාර් නඩේෂන් පැය තුනක් අල්ලස් කොමිසමේ

(නිමන්ති රණසිංහ) 

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා  අද  (08) පැය තුනකට අධික කාලයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දී ඇත .

අද  (08) පෙරවරු 10 ට පමණ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම හමුවට පෙනී සිටි තිරුකුමර් නඩේෂන් මහතා පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු දහවල් 1.30ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය බව අල්ලස් කොමිසම පවසයි 

තමන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් වී නොපැමිණි බැවින් අවශ්‍ය ලිපි ලේඛන ආදිය ද සමග පැමිණීමට නැවත දිනයක් ලබා දෙන ලෙසට තිරැකුමාර් නඩේෂන් මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව ලබන සිකුරාදා 15 දිනට ප්‍රථම පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ද සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන් බව අල්ලස් කොමිසමේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාව  හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් තිරු කුමාර් නඩේසන් මහතා ට කැඳවීම් ලැබුණේ ඉකුත් 6 වැනිදාය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 6 වෙනිදා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාවට දැනුම් දෙනු ලැබීය .

හිටපු රාජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විදේශ සමාගම් භාවිත කරමින් ලොව පුරා සිය ධනය සැඟවූ බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කර තිබිණි. මෙම ධනය අතරට සුඛෝපභෝගී නිවාස, වටිනා කලා කෘතීන් සහ මිල මුදල් ද ඇතුලත්ව ඇතැයි සඳහන්ය.

(ඡායාරූප ශාන්ත රත්නායක)

 



අදහස් (3)

තිරු කුමාර් නඩේෂන් පැය තුනක් අල්ලස් කොමිසමේ

No politic Friday, 08 October 2021 03:36 PM

දූෂන චෝදනා දමාවි . අපි හොරු නොරකින බව කියාවි . නඩුත් අසාවි. අවසානයේ සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරාවි..

:       0       12

දාස Friday, 08 October 2021 04:00 PM

කට්ටිය කතා කරකර තේ බිබී ආ ගිය තොරතුරු කතා කර කර ඉන්න ඇති, සමහර සීඅයිඩී මහත්තුරු අහන්න ඇති ලොක්කාට කියලා අපිට උසස් වීමක් අරන් දෙන්න බැරිද කියලත්...?

:       0       10

Jude perera Friday, 08 October 2021 05:35 PM

ජාත්‍යන්තර හොරකම් ගැන චෝදනා... එහෙ අහන අයට උත්තර දෙන්න. මෙහෙ අල්ලස් කොමිසම මොනවා කරන්නද? මේක හොඳයි සුද්ද වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 292 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site