(ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු මේ දක්වා කළ විමර්ශනවලදී පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ සහ උපාංග රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව සැක කටයුතු ලිපි ලේඛන සහ ඡායාරූප අඩංගු ලැප්ටොප් පරිගණක 23 ක්, සාමාන්‍ය පරිගණක 3 ක්, ජංගම දුරකතන සහ ටැබ් පරිගණක 138 ක්, පරිගණක දෘඩ තැටි 30 ක්, පරිගණක දත්ත ගඩාකිරීමේ උපාංග (පෙන්ඩ‍්‍රයිව්) 12 ක්, සිම්පත් 142 ක්, සීඩී/ ඩීවීඩී/ ඩීවීආර් ආදී තැටි වර්ග 67 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.
මෙම සියලු භාණ්ඩ සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු කරමින් පවතින බවද, මෙම පරිගණකවල ගබඩා කර ඇති දත්ත අනුව ඊට සම්බන්ධ පුද්ගලයන්ගේ තොරතුරු හෙළිකර ගත හැකි බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුවන් 96 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ සිටින බවත් ඉන් 9 ක් සැකකාරියන් බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.