ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින්අද (22)රාත්‍රියේ ප්‍රකාශ කළේය .
ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වූ ජනාධිපතිවරයා ගෝලීය ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි ද කීවේය
කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගත් බව ලෝක නායකයන් හමුවේ කී ජනාධිපතිවරයා කොවිඩ් වසංගත තත්වයෙන් උගත් පාඩම් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය .
සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව යෙන් මිදීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය යැයි කී ජනාධිපති රාජපක්ෂ මහතා ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද සඳහන් කළේය.
ජනවාර්ගික ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් ගොඩ නැගීම තම රජයේ ප්‍රමුඛ අරමුණ බව කී ජනාධිපතිවරයා ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවද කීවේය .
තිරසරභාවය යනු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙි ප්‍රධාන අංගයක් ඇයිද, කාබන්හරණයට සහාය වීමේ හදිසි අවශ්‍යතාව ශ්‍රී ලංකාව අවබෝධ කරගෙන සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය .
බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු යැයිද ඔහු සඳහන් කළේය .
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වැනි සැසිවාරය නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා(22) ආරම්භ වූ අතර, එහි දෙවැනි දිනය වූ ඊයේ ජනාධිපතිවරයා සමුළුව ඇමතීය .
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම් ඉටුකිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය .
සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් පතිසංස්කරණ කෙරෙහි තම රජයේ අවධානය යොමු කර ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගත් බව ලෝක නායකයන් හමුවේ කී ජනාධිපතිවරයා කොවිඩ් වසංගත තත්වයෙන් උගත් පාඩම් හුවමාරු කරගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය .... අයියෝ එතකොට මහත්මයා රටේ ආර්ථිකය ....
ත්‍රස්තවාදය කොයි හැටි වෙතත් ,ප්‍රචණ්ඩත්වය ආණ්ඩුව හිතේ හැටියට කරගෙන යනවා
ඒක වෙන්න ඇති කෑලෑ කපල ගිනිතියන කොට දන්නේ නෑ වගේ ඉන්නේ . තමන්ගෙ ඇමැති කෙනෙක් හිරගෙදර ගිහිල්ල නටපු නාඩගම මතක නැතෙයි .
මහා මොලකරුවන්ම තමයි මේ රටේ බෝම්බ පිපිරෙනවද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ.. මහමොලකරුවන් තමයි එකිනෙකට ගැටෙන අන්තවාදී ත්‍රස්ත කල්ලි දෙකක් ඇති දැඩි කරනු ලබන්නේ. නමුත්, මහමොලකරුවන් හට වාසි වෙන පැත්තක් හා අවාසි පැත්ත ඔවුන් විසින්ම නිර්මාණය කරනු ලබනවා. රටේ ජීවත් වෙන පුරවැසියන් දෙකඩ කිරීමට. මහා මොළකරුවන් හට අවාසි වෙන පැත්තට යොමුවෙන අඥානයින් අවසානයේ ඔවුන් නොදැනුවත්වම විනාශ වෙන අතර අනෙක් පාර්ශවය විවිධ වරප්‍රසාද වලින් පිදුම් ලබනවා. දෙපැත්තේම පුජ්‍ය පාර්ශවය මීට සම්බන්ධයි. අවසානයේ තමන්ගේ කාර්යය ඉටුකර ගත් පසු මහමොලකරුවෝ, ලෝකෙටම ඇහෙන්න සද්දෙට වැදි බන දෙසනවා.. අනේ සාදු!! කාටද ආඩම්බර??
අපිත් හිතාගෙන හිටියෙ එහෙම තමයි ,නමුත් පාස්කු සිද්ධිය අපි වැරදි බව පෙන්වා දුන්නා.එහි පිටු පස සිටින අපරාධකරුවන් තාම නිදැල්ලෙ. ඔබලා බලයට ආවේ මේ ප්‍රහාරය මුල්කරගෙන, මාස කිපයකින් මෙම ප්‍රහාරයෙ නිර්මාතෘන් අල්ලනව කිවත් ,අවුරුදු දෙකකට පසුවත් ඔවුන් තාම නිදැල්ලේ.වීරසේකර උන්නැහේ මහ මොලකරු අත්අඩංගුවට ගත්ත කීවට,හිටපු නීතිපති කිව්වෙ ප්‍රහාරයේ කුමන්ත්‍රන කරුවො තාම නිදැල්ලෙ කියල.ඔබ තුමා මේ ප්‍රහාරයේ සුල මුල නිවැරදිව සොයා අපරාධ කරුවන්ට ඳඩුවම් දීමට කටයුතු නොකොලොත් ,රටේ ජනතාව, රද ගුරුතුමා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම ,යුක්ති සහගත බව නිසැකයෙන්ම පිලිගන්නවා ඇත.
"පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ මනා දර්ශනයක් ශ්‍රී ලංකාව සතු යැයිද ඔහු සඳහන් කළේය" . මෙම වාක්‍ය අපට නම් කිසිසේත්ම පිළිගත නොහැකිය. අප රටේ පරිසරය විනාශ කිරීමට මූලිකවම මෙන්ම ඍජුව කටයුතු කරන්නේ පක්ෂ බේදයෙන් තොරව "පට්ටියේ මිහරකුන් 225 සහ ඒ ඒ මීහරකාගේ ඇම්බට්ටයන්ය." දැන් විපක්ෂ ගාලේ ලැග ඉන්න මීහරකුන් බලයේ ඉන්න විට කලෙත් එයම නමුත් දැන් "බොරු පරිසර ආදරවන්තයන්ය".....
පළමුවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහනෙන් පසුව එන්ගලන්ත අගමැතිත් ප්‍රකාශකලා "ජර්මනියට නැවත කිසි දිනෙක යුද්ධයක් කිරීමට නොහැකියි" කියා.
‘‘ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘---- ජනාධිපති "සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් " ------- කතානායක මෙයින් පෙන්නුම් වෙන්නේ ජනතා මර්දන ක්‍රියාවලියෙ ආරම්භය ද ???
නියමයි සුබ පැතුම්.!
ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතිකයක් ඔබතුමාද දෙන්න එපා . අනික් පක්ෂ බලය ඉල්ලන්නේ ආගම්වාදී හා දේශපාලන ත්‍රස්තයින්ට රිසිසේ ඉන්න දෙන පොරොන්දුව පිට.
ඔව් ෆොන්සේකා මහත්තයට පින්සිද්ද වෙන්න.
මෙතුමා කොහොමද ඒක කියන්නේ.
"ශ්රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය." ඔව් ඔව් ලෝකේ අනිත් රටවල් දන්නේ නැහැ කොහොමද හරියට ණයක් ගන්නේ කියලා.
ඒ කියන්නේ, ඇතැම් මැති ඇමති හා ඔවුන්ගේ නෑදෑ, හිතමිතුරු කැල වෙතින් සිදු විය හැකි දූෂණ, වංචා, ප්‍රචන්ඩ ක්‍රියා හැරුණු විට, වෙනත් කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීම වළක්වන බව ප්‍රතිඥා දී ඇති බවයි.
ඔව් ඉතින් කරන්න ඕන වැඩේ කරගත්තනේ
කරපු කට්ටිය කවුද කියලා කවුරුත් දන්නවනේ දැන්.
හැමදාම එකම බෑනේ .ඔය යුද්ධ ගැන කියමින් ජනතාව බයකරපු කාලේ ඉවරයි .දැන් ජනතාවට අවශ්‍ය කන්න බොන්න අඳින්න ,නිදහසේ ජීවත් වෙන්න පමණයි
පළමුවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහනෙන් පසුව එංගලන්ත අගමැතිත් ප්‍රකාශ කලා "ජර්මනියට නැවත කිසි දිනෙක යුද්ධයක් කිරීමට නොහැකියි" කියා. නමුත් ඉන් අවුරුදු කීපයකට පස්සෙ ජර්මනිය දෙවන ලෝක යුද්ධය ආරම්භ කලා.
ඔබට ජය වේවා
හම් හම් හම්.....එතකොට කොටි නැගිටිනවා කියලා චන්ද වලට නටන්නෙ...කොහොමද ...??? ජාතිවාදය ආගම්වාදය...අයින් කරොත්..එන චන්ද වලදි ගොඩක් ලොකු ප්‍රශ්නයකට මුන දෙන්න වේවි....
ඔහු කියවන්නේ ඝර්ෂණ රචකයෙකු විසින් ලියන ලද කතාවක් පමණි.
කියන කොට නම් අපූරුයි. කරන කොට වෙනස් වෙන එක තමයි ප්‍රශ්නේ.
දිවුරුම් දෙනකොට කිව්වේ වෙනක් එකක්, දැන් වෙන එකක්
එහෙම කොහොමද වසර කිහිපයකට පමණක් බලයට පත්වූ ජනපති කෙනෙකු කියන්නේ.හමුදාවත් දාගෙන රටේ සදාකාලිකවම බලයේ ඉන්න හිතාගෙන වෙන්නට ඇති මෙහෙම කියන්නේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අහන්නට ඕනෑ කියන්නේ,මෙන්න මේ වගේ වෙලාවට තමයි. සීනිබෝල වචන කියන්න හා අහගෙන ඉන්න නම්,හරි ආසයි.ඒත්, යථාර්ථය එතරම් සුන්දර නැහැ. සීනිබෝල පැණි රස වුවත්,එයින් කුසගිනි නිවන්නට බැහැ.
ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ, ඊනියා එක්සත් ජාතීන්ටම හොඳ කථා!
නැ නේන්නමි, උන්ට පඩිදීපු හාම්පුතාලට කන්ට්‍රෝල් ඇති.
ඇමරිකන් කාරයෝ හිතනවා ඇති මේවට අපි කොහෙන්ද හිනා වෙන්න ඕන කියලා
එතකොට, ඥානසාර හිමි මීට දින කිහිපයකට කලින් පැවසුවා, ඕනෑම අවස්තාවක නැවත මේ රටේ බෝම්බයක් පිපිරීමට ඉඩකඩ තිබෙන බව. ඒ සඳහා උන්වහන්සේට සාක්ෂි තිබෙන බව. මේ කතාව ජනාධිපති තුමා දන්නවද? ලංකාවේ බුද්ධි අංශ නොදන්නා තොරතුරු ඥානසාර ස්වාමින් වහන්සේ දන්නේ කොහොමද?
ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයට වඩා මිනිස්සු රවට්ටල බලයට ඇවිත් රට විනාශ කරන එවුන් දරුණුයි. ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නිතරම නෑ. දේශපාලන ප්‍රචණ්ඩත්වය හාල් ඇටේ ඉඳලම තියෙනවා
ජයවේවා අපේ ජනාධිපති තුමාට. හිරේ ඉන්න ඕන උන් එලියේ, එලියේ ඉන්න ඕන උන් ඇතුලේ. දුප්පතාට පට්ට නීති ,බලවතාට නීතියක් නැති.බඩගින්නට එක වේලක් කන්න පේරුම්පුරන ම්නිසුන් ඉන්න අසිරිමත් ලංකාව ගැන ඔය කියපු දෙවල් අහලා පිටරට මිනිස්සුන්ට හිනායන තැන හොයා ගන්න බැහැ. ණ ය වාරිකයක පොලිය ගෙවාගන්න තව ණය ගන්න රටක්. අනේ මගේ රටට ගිය කලක්.
ඕපාදූපයක් පමණි! මේ වනවට බොහෝ වැඩිහිටියන් හා ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙති.
කැඩපතක් ඉදිරිපිට කියන්න!
බලන්නකෝ ඉතින් අපේ ජනාධිපති උතුමාණන් ඒක ටක්කෙටම කියන හැටි
කියවන්න පටන් ගද්දිම "අද නෙමෙයි හෙට" වගේ දැනුනේ මට විතර ද?
තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කරන නිසා කෙල වෙනකම් දන්නෙ නෑ ඟානසාර හාමුදුරුවරුන් කීව දේවල් කනකට නොගත්තොත් ලෝකයක් ඉස්සරහා රෙදි ගැලවෙයි ඕං
මෙදා සැරේ නම් ලේසි වෙන්නේ නැ
ගලක් ගහලා හැංගෙන මිනිස්සු ඉන්නේ. ඒ වගේ ගොබ්බ කතාවක් කියා පිළිතුරු නොලැබෙන්න හැංගිලා. හැංගිලාද හංගලාද?
ඒ් විදියට වෙනවනම් වඩාත් හොදයි
අමුතුවෙන් ආයේ මොනවා කියලා සිද්ද වෙන්නද? කරලා තියෙන හරිය හොඳටම මදෑ. සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනීමෝරු, රජකරපු හැටි අපි නොදන්නවා නෙවෙයි...
ඔබගේ පොරොන්දුව අගය කොට සලකනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය අවසාන ප්‍රහාරයද?
බලාපොරොත්තු වෙච්චි දේ සිද්ද වෙලා ඉවරයිනේ. සහෝදර සමාගම රජ කරන පවුල් පාලන ආණ්ඩුවක් ඇතිකරපු එකම මදිද?
නැවත ඇති වන තෙක් සිදුවන්නේ නැහැ කිව්වා නම් තමා හරි