IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිතස්ත පනතක්

(අජන්ත කුමාර අගලකඩ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව ප්‍රතිතස්ත පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පතට අද (17) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

තිලක් මාරපන පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන් සහ තලතා අතුකෝරල ඇමැතිනිය ඇතුළත් කමිටුවක් මගින් ඉදිරිපත් කරන ලද කරුණූ ඇතුළත් කරමින් මෙම කෙටුම්පත සකස් කර ඇත.

ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඇති වූ තත්ත්වයෙන් ඉන්දියාව , බ්‍රිතාන්‍ය ඇතුළු රටවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ආදියත් සැලකිල්ලට ගෙන මෙම නව කෙටුම්පත සකස් කර ඇතැයි වාර්තා වේ.

ත්‍රස්තවාදය යන්න පුළුල් අර්ථකතනයකට ලක් කරමින් සකස් කර ඇති එම කෙටුම්පත අන්තර්ජාලය හරහා කෙරෙන ත්‍රස්තවාදී කටයුතු ආදිය සම්බන්ධයෙන් ද අවධානය යොමුකර සකස් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිතස්ත පනතක් ගෙන ඒම සඳහා පනත් කෙටුම්පනතක් මීට මාස කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ විරෝධය හමුවේ එය මෙතෙක් විවාදයට ගෙනනැත.



අදහස් (8)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිතස්ත පනතක්

CHANDIMA Tuesday, 17 September 2019 06:16 PM

ඒ කියන්නේ ජේ.වී. පි. ත්‍රස්තයන්ට විරුද්ධව එව්වා වගේ. අර කහ බළල්ලුද, කළු බල්ල්ලුද කියන උන් අයෙත් පුරුදු කරලා එවනවද? ඡන්ද කාලේ හින්ද හොඳට වැඩ තියෙයි.

:       0       0

sudath Tuesday, 17 September 2019 06:49 PM

තිබෙන පනතේ වරප්‍රසාද නැති කරලා, තවත් බෙලහීන පනතක් ලොකු අකුරින් ගෙනල්ලද දන්නේ නැහැ.

:       0       0

මුණසිංහ Wednesday, 18 September 2019 01:36 AM

විදේශිය බලපෑම්වලට යටත් වූ මෙවැනි ආණ්ඩුවක් නිදහසෙන් පසු තිබී නැහැ. මේ අය වැඩ කරනනේ රටේ අවශ්‍යතාවයට අනුව නොවෙයි. NGO කාරයින්ට ඕනෑ විදියට... රටේ ආරක්ෂාව තවදුරටත් අණ-පණත් වලින්ම විනාශ කරන්න හදන්නේ. ජාතිජාතිත් හෙණම වදිනවා.

:       0       0

Deepal Nirosh Wednesday, 18 September 2019 04:08 AM

ආයෙත් ප්‍රතිත්‍රස්ත පනත..? රටේ මෙච්චර කලබගෑනියක් වෙලා තියෙද්දිත් මොකද්ද මේ කරන්න හදන්නේ..? තිබෙන පනත හරිහැටි ක්‍රියාත්මක කළොත් හොඳටම ප්‍රමාණවත්. තව තව පනත් නැහැ. ජාත්‍යන්තරය දිනුවා කිව්වට මොකද පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න පුළුවන් වුණාද?

:       0       0

sharm warn Wednesday, 18 September 2019 04:09 AM

සද්ද නැතුවම ප්‍රතිත්‍රස්ත පනත ගෙන්න වගේ. කට්ටියට ඇහුනද මංදා ?

:       0       0

ම්වුබිමේ අනාතයා Wednesday, 18 September 2019 04:31 AM

දේශපාලකයන් හා ඔවුන්ගේ හෙන්චයියන් නොවන සියලුදෙනා ඔය සියලු නීතිරීති රෙගුලාසි අණපනත් වලට ඉඳුරාම යටත්‍.. මේ සියලු දේ ඔවුන්ගේ හා ඔවුන්ට හිතවත් ඉහළ පැලැන්තියේ සුඛිත මුදිත භාවය සඳහාය...

:       0       0

වහලා Wednesday, 18 September 2019 04:51 AM

මාගේ හැඟීම, නූතන වැඩවසම් යුගයේ වහලුන් පාලනය සදහා බලපවත්වන නීති වහලුන්ගේ චරියාවන්ගේ වෙනස්වීම මත හීලෑකිරීමේ ක්‍රමද වෙනස්විය යුතුය. නැතහොත් වහලා විසින් රදලයාව පාලනය කරනු ඇත. වහලුන් වන අප මේ රටේ ඉපදීමේ පව ගෙවෙන තුරා හැකි පමණ කඹුරමු..!

:       0       0

සේන Wednesday, 18 September 2019 05:33 AM

මේ මිනිසුන් කවදද රටට ජනතාවට හොඳක් වෙන වැඩක් කළේ. මේ හදන්නෙ වෙන වෙට්ටුවක් දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site