( තිළිණි ද සිල්වා)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යම් යම් වගන්ති වෙනස් කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත් , ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් පිරිසක් සමග විදේශ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල විවිධ වැරදි මත ප්‍රචාරය වෙමින් පවත්න බවත් ,ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවය.