ත්‍රීරෝද රථ ගාස්තුව ලබන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද ( 24) පැවසීය.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අමාත්‍යවරයා අතර පැවැති හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.
මුල් කිලෝමීටරයට අය කරන රුපියල් 60ක ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කිරීමට මෙහිදී තිරණය වී තිබේ.
එමෙන්ම සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයද පාසල් ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුව 3% කින් අඩු කරන බවද එහිදී දැනුම් දී තිබේ.
ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජනතාවට සහන ලබා දෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙලෙස කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ කලගෙඩිහේන පැත්තේ, වැඩිවෙනකොට නම් වැඩි කරා ඒ වුනාට තවම අඩු නං නෑ .
ත්‍රීවීල් ගාස්තුව පහළට දානවා වගේ ත්‍රීවීල් වල ප්‍රමාණයත් පහළට දැම්මොත් හොඳයි. දියුණු වෙන රටක් නම් හිතුන හිතුන වෙලාවට දුවන මානසිකත්වය අඩු කරලා හොඳ කළමනාකරණයක් වූ කාල සටහනකට වැඩ කරොත් හොඳයි කියලා හිතෙනවා.
ත්‍රීවීල් ආනයනය කිරීම 2019 දී නවතා දමන්න !
දුප්පත් මනුස්සයාගේ හිතවතා තමා ත්‍රීවිල් රථය... ආයෝජනය කිරිමෙිදි ශ්‍රී ලාංකික ජනතාව හට සහන මිලකට අලෙවි කිරීම සඳහා ආයෝජනය කිරිමට සුදුසු බැව් යෝජනා කරමි.