(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද( 13) පොල්ගස්ඕවිට වෙලකුබුර පාරට හැරෙන ස්ථානයේදී විදුලි කණුවක ගැටීමෙන් මවක් සහ දියණියක් බරපතළ තුවාල ලැබූ බව කහතුඩුව පොලිසිය කියයි .
ත්‍රිරෝද රථය පැදවූ පියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .
හොරණ දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ තී රෝද රථය පොල්ගස්ඕවිට වෙලකුබුර හන්දිය ආසන්නයේදී එකවරම මාර්ගය හරහා ප්‍රතිවිරුද්ධ දිසාවට කඩා වැදී විදුලි කණුවක් ආසන්නයේදී පෙරළි අනතුරුව එම විදුලි කණුවේම ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
බරපතළ තුවාල ලද 46 හැවිරිදි මව සහ 20 හැවිරිදි දියණිය වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත
ත්‍රිරෝද රථය පැතුම් පියා ද සුළු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කරයි
ත්‍රිරෝද රරීරෝද රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර වී ඇති බව පියා ලබාදුන් ප්‍රකාශයකින් අනාවරණය වන බව පොලිස් නිලධාරියකු පැවැසීය
තුවාල ලැබූ එකම පවුලේ පිරිස හොරණ ප්‍රදේශයේ පදිංචි කරුවන් ය
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිරෝද රිය වෙළට පෙරැලී මව -දියණිය රෝහලේ