(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මඩපාත පොල්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
ආයුධ ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන් වී ඇති අතර පාද දෙකට ද බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි
42 හැවිරිදි පුද්ගලයකු මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි පුද්ගලයන් රතු පාටට හුරු ත්‍රීරෝද රථයකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයිද ඔවුන් කොළමුන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බවට තුවාලකරු විසින් හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කෙරිණි
මෙම ප්‍රහාරය එල්ල වීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වි නැතැයි පොලීසිය කියයි .කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද අබේරත්න මහතා පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd