
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇමැති උදය ගම්මන්පිල මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ දිගු සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (6) ඇතිවිය.
මෙම තෙල් ටැංකි රජයට නැවත පවරා ගන්නවාදැයි ස්ථිර ප්‍රකාශයක් කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු ගම්මන්පිල මහතාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.
මෙම කාරණය සම්බන්ධයෙන් මැතිසබයේදී ඇතිවූ සංවාදය මෙසේය:
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට දුන්න කියලා ඔබතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම ඒක දැකලා පුදුම වුණා. ගරු කතානායකතුමනි, මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්.මෙතන තෙල් ටැංකි සීයක් තියෙනවා.ඒකෙන් පහළොවක් අයි.ඕ.සී එකට දුන්නා. ඉතිරි පහළොව තියෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකතු වෙලා දියුණු කරන්නයි.
නමුත් ඒක වුණේ නැහැ. අපි තෙල් ටැංකි ඉන්දියාවට පවරලා නැහැ. ඒක වැරැදි ප්‍රකාශයක්. මම ඒ ගැන කනගාටු වෙනවා.
ඒක නිවැරදි කරන්න.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා :
ලක්ෂ්මන් කිරිඇල්ල පරිණත දේශපාලඥයෙක්. නමුත් වයස නිසා එතුමාට ඇත්ත අමතක වෙන්න ඇති.
2003දී අත්සන් කරපු ගිවිසුම තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඔබතුමාට හොඳට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා.
(විපක්ෂයෙන් බාධා )
ගම්මන්පිල මහතා :
මට මේක කියන්න දෙන්න.
කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:
මෙතුමා බොරුවක් කරන්නේ. මාස හයකින් ගිවිසුමකට යනවා කියලා එම්. ඕ. යූ එකක් අස්සන් කළා.හැබැයි ගම්මන්පිල ඇමතිතුමා මාස හයකින් ඒ වගේ ගිවිසුමකට ගියේ නැහැ. එල් .ඕ.සී එක තියාගෙන ඉන්නේ නීතිවිරෝධීවයි.
ඔබතුමාල බලයට ඇවිත් මේක පවර ගන්නවා කියලා පොරොන්දු වුණා.දැන් මේක පවරා ගන්නවද නැද්ද. මේකට උත්තරයක් දෙන්න.
ගම්මන්පිල මහතා:
මම හිතනවා කබීර් හෂීම් මන්ත්‍රීතුමාට සරල ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන දෙයක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මම කියවන මේ පිටපත වැරදි නම් හරි පිටපත සභාගත කරන්න කියලා මම අභියෝග කරනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ඔය වැල් වටාරන් අවශ්‍ය නැහැ. ඉතිරි අසූ පහ අපි ඉන්දියාවට දීලා නැහැ. මෙතන තියෙන්නෙ ඒකාබද්ධ සංවර්ධනය. ඒකයි මම අහන්නේ.ඒකට උත්තරයක් දෙන්න ඕවා වැඩක් නැහැ.
(සභාවේ ඝෝෂා )
ගම්මන්පිල මහතා :
ගරු කතානායකතුමනි, මට මේක කියන්න ඉඩ දෙන්න.
කබීර් හෂීම් මහතා:
ඔබතුමා කියනවානේ ගිවිසුමක් තියෙනවා කියලා . එහෙනම් ඒ ගිවිසුම සභාගත කරන්න . එතකොට අපි පිළිගන්නම්.
මේක නැවත ගන්නවද නැද්ද කියලත් කියන්න ඕන.
ගම්මන්පිල මහතා :
අද මම මේ ගිවිසුම සභාගත කරනවා(ගම්මන්පිල මහතා ගිවිසුම සභාගත කරයි) ඔබලා කියන ඔය ගිවිසුම
අද සභාගත කළ යුතුමයි.
(සභාවේ ඝෝෂා)
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:
මේක ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳට දන්නවා. කිරිඇල්ලට එයාගෙන් ඒක අහන්න කියන්න.
(යළිත් ඝෝෂා)
රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා:
අපි මේ ප්‍රශ්නය විසඳාගමු.මාස 6 කින් පසුව ස්ථිර ගිවිසුමකට එළඹෙනවා කියලා ඔය ලියවිල්ලේ තියෙනවද. කොන්දේසියක් ඕකෙ දාලා තියෙනවද.
ගම්මන්පිල මහතා:
ස්ථිර ගිවිසුමක් නොවෙයි. මෙයට අදාළ කල්බදු ගිවිසුම. නිල ගිවිසුම මම දැන් සභාගත කරනවා. ඔය කියන ගිවිසුම ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඔබලා ජාතියෙන් සමාව ගත යුතුයි.
2025 නොවැම්බර් මස 21
46
0
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
152
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ත්‍රී‘මලේ තෙල් ටැංකි මැති සබේ උණුසුම් කරයි
SL Wednesday, 06 October 2021 01:59 PM
කිසිම බේතක් නෑ. ගිනිමැල ගහන්න. එහෙම නොවේ. ඕවාට තියනවා නේද කෘමි උගුල්. අර සීනි, දොඩම් යුෂ දියකර ලිපේ තබා තම්බාගත් මිශ්‍රණය වගේ ඒවා. නැතිද ඒ වගේ පිහිටක්. ගිනිමැල ගහන්න කිව්වට ප්‍රායෝගික නෑ වගේ.