(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත අද (21) නියෝග කළාය.
මෙම මෘත දේහයන් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත භාරදීමෙන් අනතුරුව ඔවුන්ගේ ඥාතීන් වෙත ඒවා භාරදීමට ද මෙහිදී මහෙස්ත‍්‍රාත්වරිය මාලිගාවත්ත පොලීසිය වෙත ද නියෝගයක් කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සදහා අද (21) මහේස්ත‍්‍රාත්වරිය මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් මාවත ප‍්‍රදේශය වෙත සහ මෘත ශරීර තැන්පත් කර තිබූ මෝචරිය වෙත ගොස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය සහ පොලිස් සොකෝ නිලධාරීන් ද සහභාගී වී සිිටියහ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය අද (21) පස්වරු 3.00 ට පමණ මාලිගාවත්ත ප‍්‍රදේශයෙ එම ස්ථානය වෙත ගියාය.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නැමැති කාන්තාවන් බවද මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
2025 දෙසැම්බර් මස 04
265
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙරපීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි නියෝග