(හර්ෂණ තුෂාර සිල්වා)
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අද (12) කොළඹ දී ප්‍රකාශ කළේය.
ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් කරන ලෙස ඉල්ලමින් මාර්තු මස 23 වැනිදා මහනුවර ශ්‍රී දළඳ මාලිගා පරිශ්‍රයේදී අදාළ ලියවිලි යුනෙස්කෝ සංවිධානයට බාර දෙන බව ද හෙතෙම කීය.
කොළඹ, නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා එම කරුණු සඳහන් කළේය.
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නේ යුනෙස්කෝ සංවිධානයේ ලිපි ලේඛන උරුම අංශය යටතේ යැයි මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍රී ලංකාවේ මහලේකම් ලාල් රත්නවීර මහතා පැවැසීය.
ස්පර්ශ කළ හැකි, ස්පර්ශ කළ නොහැකි සහ ලිපිලේඛන යන කොටස් තුන යටතේ ලෝක උරුම වර්ගීකරණය කරන බවත් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කෙරෙනුයේ ලිපිලේඛන හෙවත් ‘යුනෙස්කෝ ලෝක මතක’ වර්ගීකරණය යටතේ යැයි ලාල් රත්නවීර මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ක්‍රියාවලිය ඇරඹේ
Gikiyanage Sunil Tuesday, 12 March 2019 08:58 PM
බොරු වැඩක්
rocky Wednesday, 13 March 2019 01:23 AM
දැන් ඉතින් බඩු මිල අඩු වේවි! දේශ පාලුවෝ ජනතාව අනුභව කරජීවත් වෙති.
දේශප්‍රිය Wednesday, 13 March 2019 06:05 AM
ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ අනුග්‍රහයෙන් එංගලන්තයේ ලංඩන් බෞද්ධ විහාරයේදි ඒ ගැන සම්මන්ත්‍රණයක් බෞද්ධ අබෞද්ධ රටවල තානාපතිවරුන්ගේ හා බටහිර ජාතික බෞද්ධයන්ගේ සහභාගිත්වයෙන් මාර්තු 16 දා පැවැත්වෙනවා.