(විනීතා එම් ගමගේ)
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි යුනෙස්කෝ සංවිධානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ ඓතිහාසික අලුවිහාරයෙදී ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවති උත්සවයේ දීය.
පන්සාලිස් වසක් පුරා බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මස්කන්ධය පලමු , දෙවන හා තෙවන ධර්ම සංගායනාවලදී සංගෘහිත වීමෙන් පසු භාණක මුඛ පරම්පරාවෙන් පැවැති අතර වලගම්බා රජ සමයේ තල්පත්වල ලේඛන ගත තරනු ලැබිය.
එසේ පැවැති ත්‍රිපිටකය 1956 යෙදුණු බුද්ධ ජයන්තියේ දී ග්‍රන්ථාරූඪ කරන ලද අතර ජාතික උරුමයක් බවට අද දින පත් කරන ලද්දේ එම ත්‍රිපිටකයයි.
ඒ අනුව ඉදිරියේ දී ත්‍රිපිටකය සංස්කරණය පරිවර්තනය ඇතුළු ඕනෑම කාර්යයක් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගතයුතු වන්නේය.
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ නිල උත්සවය පැවැත්වූයේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය විශාල පිරිසක් ද මැතිඇමතිවරුන්ගේද සහභාගීත්වයනි.
(ඡායාරූප - ඉෂාන් සංජීව)






COMMENTS
දැන් එතකොට "අභිධර්ම පිටකය" බුදුන් වහන්සේ දේශනා කරපු එකක් නෙවේ කියමින් ධර්ම දේශනා පවත්වන බුද්ධ දේශනාව හැටියට "සුත්‍ර සහ විනය" පිටක දෙක පමණක් බාරගන්නා ඒවායේ සිංහල පරිවර්තන බෙදාහරින,ලෝකය පුරාම විහාරස්ථාන පවත්වාගෙන යමින් මෙවන් අදහසක් ප්‍රචලිත කරන ඉතාම ජනප්‍රිය භික්ෂුන් වහන්සේලාට නඩු දානවාද?
හැබැයි එසැන පුවත් මගින් ඔය ඉල්ලීම ගාමිණී ජයවික්‍රම මහතාගෙන් ඉල්ලුවේ බමුණුආරච්චියි. එසේ වීම ගැන මට හරිම සන්තෝසයි.
රනිල් ඔබ කොහිද? උතුරේද?
මේකට තෝරාගන්න තිබුනේ මාතුල අළුලෙන කියන එකයි මගේ අදහස නම්...
අම්මෝ ඇති යන්තන් රටේ තිබුන ලොකුම ප්‍රශ්නෙත් දැන් විසඳුනා.
යුනිස්කොවෙන් ඉල්ලන්න උවමනා නැහැ බුද්දාගමේ රටක් වුනාට , කිසිම කෙනකුට හිතන්න අමාරුයි රටේ වෙන දේවල් දැක්කම මෙය බෞද්ධ රටක්ද කියලා, ලෝකෙට ආදර්ශයක් වෙන විදියට වැඩකෙරුවොත් මේ දේවල් ඉබේම සිද්ධ වෙනවා පළමුව තමන්ගේ නායකකම රැකෙන විදියට වැඩ කරන්න ලංකාවේ ජනාධිපති කියලා පිළිගන්න.
අනේ හොඳයි.
මේවා ලෝක උරුමයක් බවට පත් කෙරුවාය කියලා මේ රටේ මිනිසුන්ට සිදුවෙන යහපත කුමක්ද? රුපියල බාල්දුවීම නවතිනවද? දේශපාලකයන්ගේ හොරකම්, මැරකම්, තක්කඩිකම් නවතිනවද? පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වෙනවද? විරැකියා ප්‍රශ්න විසඳෙනවද? අපි විදේශවලින් ගහලා තියන ණය අහෝසි වෙනවද? මේ තක්කඩි දේශපාලකයෝ අපට කොකා පෙන්නනවා. මේ කරන්නේ කිසිම තේරුමක් නැති හිස් වැඩක්. ත්‍රිපිටකය කොහොමටත් ආරක්ෂා වෙනවා. එක වළක්වන්න බැහැනේ! මේ අය ඊ ළඟට අපේ මේ රට ශුද්ධ භූමියක් හැටියට ප්‍රකාශ කරාවි! හැම බෞද්ධයෙකුටම දවසට තුන්වේල පිරිමහ ගන්නවා වෙනුවට තුන්සැරයක් පන්සිල් ගන්න කියාවි. පෝයට සිල්ගන්න කියාවි. අනේ අම්මපා.. මේ අයගෙන් දැන් බුද්ධ ධර්මය වැක්කෙරෙනවා වගෙයි!
ආගමික පොත්වල ගොඩක් තියෙන්නෙ දේව කතා...
කාලීන අවශ්‍යතාවයක් සහ ඓතිහාසික වටිනාකමක් වී තිබූ ත්‍රීපිටකය ජාතික උරුමයක් කරන්න අපගේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ටත්, බෞද්ධ කටයුතු අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම මැතිඳුන්ටත්, මේ සඳහා ඇපකැප වූ මහා සංඝරත්නයටත් අපගේ ස්තූතිය සහා ප්‍රණාමය.! ඒත් මෙපමණින් ත්‍රිපිටකය හා බුදුසසුන රැකෙයි කියා සිතිය නොහැකියි. දේශපාලනය කරන, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන, ආචාර්ය, මහාචාර්ය ආදී නොයෙකුත් තනතුරු කරේ තියාගෙන ඛුදුසසුනට පටහැනිව කටයුතුකරන නිර්ලජ්ඡී චීවරධාරින් ශාසනයෙන් එලවලා දමන්න සංඝායනාවක් කරන්නත් ඔබතුමන්ලට ශක්තිය ලැබේවා..!
තල්පත්වල ලේඛන ගත ත්‍රිපිටකය සහ කෑගල්ලේ මාතුල අළුලෙන අතර සම්බන්ධය කුමක්ද? එවැනි සම්බන්ධයක් තිබූ බවට ඉතිහාස පොත්පත්වල නිවැරදිව සඳහන් කර තිබේද? මාතලේ ඓතිහාසික අලුවිහාරය සහ කෑගල්ලේ මාතුල අළුලෙන අතර සම්බන්දයක් තිබේද?
ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීම තුළින් සිදුවෙන්නේ මොකද්ද කියලා තවම තේරුම් ගන්න බැහැ. මේ කියන්නේ මින්පසු ත්‍රිපිටකය සංස්කරණය පරිවර්තනය ඇතුළු ඕනෑම කාර්යයක් සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගතයුතු බවද?
දන්නේ නැති හින්දයි අහන්නේ... ඔය කටයුත්තෙන් සාමාන්‍ය ජනතාවට හෝ ත්‍රිපිටකයටම වුණත් ලැබෙන අමතර යහපත මොකද්ද..?
දැන් ඉතින් රටේ තියන ප්‍රශ්න ඔක්කොම විසඳේවිනේ!
බුද්ධඝෝස අටුවාචාරීන් වහන්සේ විසින් සිංහල අටුවා පාළියට පෙරලීමෙන් පසු මෙරට බුද්ධ ශාසනයෙහි සිදුවූ උත්තරීතර සිදුවීම් දෙකක් ඇත. 1. 1956 වර්ෂයේ ත්‍රිපිටක පරිවර්තන කාරක සභාව ඇති කොට සම්බුද්ධ දේශනාව ලිඛිත අසුද්ධතා විසුද්ධ කර සිංහල අර්ථ ගන්වා පෙළ සහිතව "බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා" ලෙස මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වා අවසන් කිරීම; 2. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ, බුද්ධ භාසිත තුන් පිටකය, ලෙස වර්ෂ 2019 ජනවාරි 05 වන දින, ජාතික උරුමයක් ලෙස ශ්‍රීලංකා රජයෙන් ප්‍රකාශයට පත් කිරීම; එම උත්තරීතර සිදුවීම් දෙකය. මෙය බෞද්ධ වූ අප කාටත් අස්වැසිල්ලට,සැනසීමට, චිත්ත ප්‍රමෝදයට හේතුවකි. මෙය දැකීමෙන් ,ඇසීමෙන්, අනුමෝදන් වීමෙන් දීර්ඝ කාලයක් සැප විපාක ලැබීමට හා නිර්වාණාවබෝධයට මග විවර වීමට හේතු
ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න ඉස්සරවෙලා, ඔය කියන සංඝ සභාවට කියමුද පන්සිල් සමාජගත කරලා , වර්තමානේ මිනිස්සු තුළ තිබෙන අගුණ, දුශ්ශීල ගතිගුණ, වෛරය, ක්‍රෝධය, කුහකකම නැතිකරලා දාන්න උත්සාහ කරන්න කියලා