IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


‘ත්‍රිපිටකාභිවන්දන’ ලෙස සතියක් නම් කෙරේ

හර්ෂණ තුෂාර සිල්වා

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් මාර්තු මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ‘ත්‍රිපිටකාභිවන්දන’ යනුවෙන් සතියක් නම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා අද (12) පස්වරුවේ කොළඹදී පැවැසීය.

‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය මාර්තු 16 වැනිදා ආරම්භ වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව පරිශ්‍රයේදී පැවැත්වෙන ජාතික උත්සවයෙන් එම සතිය අවසන් බවත් හෙතෙම කීය.

කොළඹ, නාරහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම වෙනුවෙන් අදාළ ලියකියවිල යුනෙස්කෝ සංවිධානයට බාර දීම ද මහනුවර පැවැත්වෙන ජාතික උත්සවයට සමගාමීව සිදු කෙරෙන බව ද සෙනෙවිරත්න මහතා කීවේය.

 ‘ත්‍රිපිටකාභිවන්දන’ සතිය වෙනුවෙන් මාර්තු 14 සහ 15 යන දෙදින දිවයිනේ සියලු නගර ධජ පතාකවලින් සරසන බවත් එම සතිය තුළදී සෑම නිවසකම, සෑම ආයතනයකම බෞද්ධ ධජයක් ප්‍රදර්ශනය කරන්නැයි ඉල්ලා සිටින බවත් සෙනෙවිරත්න මහතා කීය.

ඊට අමතරව මෙම සතියේදී ත්‍රිපිටකය පිළිබඳව ජනතාව සතු අවබෝධය වැඩි කිරීම, පිණ්ඩපාත දානමය පිංකම්, ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන ආදී ආගමික සහ අධ්‍යාපනික වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් කීවේය. 



අදහස් (6)

‘ත්‍රිපිටකාභිවන්දන’ ලෙස සතියක් නම් කෙරේ

Boralesgamuwe Sumedha Thero Wednesday, 13 March 2019 01:32 AM

සාදු...! සාදු...!

:       0       17

d.upul Wednesday, 13 March 2019 04:38 AM

යම් කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කරන්නේ එය කියවා ප්‍රයෝජනයක් ගන්න. නමුත් ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමෙන් මේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙලා නැති බවයි මගේ හැඟීම. සිංහල භාෂාවේ ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට මෙතරම් වචන තියෙද්දිත් ත්‍රිපිටකයේ සිංහල තේරුම් ගන්න අපිට මහාචාර්ය වරයෙක් සොයාගෙන යන්න වෙනවා. ත්‍රිපිටකය සුද්දට පූජාකරන්න ඉස්සෙල්ල සිංහල බෞද්ධයාට කියවල තේරුම්ගන්න හැකි අයුරින් මෙය ප්‍රතිපරිවර්තනයක් කළා නම් තමයි හොඳ.

:       0       8

ලුම්බිණි Wednesday, 13 March 2019 04:56 AM

උත්සවය පවත්වන අතරේම ත්‍රිපිටකය තරමක් හෝ පිළිපදින්නට උත්සාහ කළා නම් තමා හොඳ.

:       0       18

kithsiri Wednesday, 13 March 2019 08:21 AM

"ත්‍රිපිටකය පිළිබඳව ජනතාව සතු අවබෝධය වැඩි කිරීම, පිණ්ඩපාත දානමය පිංකම්, ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශන". මේවයින් ත්‍රිපිටකය පිළිබඳව ජනතාව සතු අවබෝධය වැඩිකරන්නේ කොහොමද? කොහොම උනත් මේක ඉතා හොඳ කාර්යයක්. එක එක්කෙනාට අවශ්‍ය විධියට ත්‍රිපිටකය අලුතින් අර්ථ දක්වන එක මෙයින් නවතන්න පුළුවන් වේවි.

:       0       0

rasika Wednesday, 13 March 2019 09:12 AM

අපෙන් ගිලිහෙන අපේ උරුමයන්. දැන් ලෝකයට අවශ්‍ය විදියට ඇගිලි ගසා වෙනස් කල හැකිය .

:       0       0

rocky Wednesday, 13 March 2019 01:16 PM

ත්‍රිපිටකයේ විශේෂයෙන්ම, සූත්‍රවල එන පරස්පර විරෝධී කියුම් ගැන, බුදුසමය හා නොගැලපෙන සුත්‍ර ගැන මොකද කියන්නේ? පාලිය පිළිබඳ මහා ප්‍රාමාණිකයෙක්වූ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ත්‍රිපිටක සාහිත්‍යය ගැන පළකර ඇති සමහර අදහස් කියවන්න. ඒ හිමියන්ගේ උපදෙස් අනුව බුරුම ත්‍රිපිටකයෙන් සමහර සුත්‍ර ඉවත් කර දමනු ලැබූ බව අපට කියවන්නට ලැබී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 160 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site