(ඩයනා උදයංගනී)
තරුණ පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් 356 දෙනෙකු තෝරාගැනීම සදහා වන ‘තරුණ පාර්ලිමේන්තු මැතිවරණය 2020’ පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වෙන අතර මෙවර එය ඉලෙක්ට්‍රොනික ක‍්‍රමවේදය යටතේ පැවැත්වෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මැතිවරණය සඳහා ඡන්ද අපේක්ෂකයින් ලියාපදිංචිය පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හි දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
මෙවර තරුණ පාර්ලිමේන්තු මැතිවරණය යෞවන සමාජවල තරුණ තරුණියන්ට පමණක් සීමා නොවන අතර මෙරට සිටින වයස අවු 18ත් 29ත් අතර සියලූ තරුණ තරුණියන්ට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව උදාවීම විශේෂත්වයක් බව ද දුමින්ද දිසානායක මහතා කීවේය.
තරුණයන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්තරුණ කටයුතු අමාත්‍යාංශයත් හා ජාතික තරුණ සේවා සභාවත් එක්ව ක‍්‍රියාත්මක තරුණ පාර්ලිමේන්තු වැඩසටහන යටතේ මෙවර මෙම මැතිවරණ්‍ය පැවැත්වෙන්නේ 5 වැනි වරටය.
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම පාර්ලිමේන්තුවට තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 334 දෙනෙක් ඡන්දයෙනුත් උසස් අධ්‍යාපන හා අනෙකුත් ක්ෂේත‍්‍ර නියෝජනය කරමින් 22කුත් ඇතුළුව 356 දෙනෙක් තෝරා ගන්නා බව ද දිසානායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
389
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණ පාර්ලිමේන්තු මැතිවරණය මෙවර ඉලෙක්ට්‍රොනික ක්‍රමයට
Mahee Wednesday, 29 January 2020 04:17 PM
හලෝ, අන්න අරහේ එක්කෙනෙක් කියනවා කෘෂිකර්ම ගොඩනැගිල්ල ගැන ඔක්කොම අල්ලලා නඩු දානවයි කියලා. ජංජාලයයි නේද? හඬපටයක්වත් නැද්ද හොයා ගන්න...?
lakshitha Wednesday, 29 January 2020 05:27 PM
දූෂිතයිනට ඉඩක් නොලැබෙන පරිදි අපේක්ෂක නාම ලේඛනය පිළියෙළ කරගන්න හැටි මේ තරුණයන්ට කියා දෙන්න. ගෝඨාබය ජනාධිපතිතුමාගේ කාර්යශූර පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන්ම කළයුතුය. පුටින් (රුසියාවේ මෙන්) පාලනයක් සඳහා අත්වැල් බැඳ ගතයුතු කාලය උදාවී ඇත.
ලුම්බිණි Thursday, 30 January 2020 02:04 AM
මේ වැඩසටහනින් ප්‍රයෝජන ගත්ත අය ඉන්නවා නම් කමක් නැහැ. අඩු වශයෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් හරි.
ගල්මංගොඩ Thursday, 30 January 2020 04:16 AM
වැඩසටහන ඉතාම හොදයි. ඒත් මේ ගැන අහන්න ලැබෙන්නේ මෙයාලගේ මැතිවරණෙදි විතරයි.
sharm warn Thursday, 30 January 2020 05:08 AM
කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරලා උපාසකයෙක් වගේ වැජඹෙන මෙයාව දක්කම ලේ කෝප වෙන්නේ මට විතරද ?