IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තරුණ එක්දරු මව මරා ගසක එල්ලලා

(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

හිසට පහරදී එක්දරු මවක ඝාතනය කර  සිරුර අසල්වැසි ඉඩමක පිහිටි ගසක එල්ලා තිබියදී සොයාගත් බව මිහින්තලේ පොලිසිය කියයි.

මියගිය තරුණ මවගේ සැමියා මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇතැයි ද  ඔහු සොයා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශනයක් ආරම්භ කළ බව ද පොලිසිය කියයි.  

මිහින්තලය ඉලුප්පුකන්නිය, පදිංචි වයස අවුරුදු 24ක්වූ අමා කෞෂල්‍යා නැමති එක්දරු මව මෙසේ ඝාතනය ගසක එල්ලන්නට ඇතැයි පොලිසිය සැකපහළ කරයි.

අසල්වාසියකු විසින් තරුණ කාන්තාවගේ සිරුර ගසක එල්ලෙමින් තිබෙනා බවට මිහින්තලය පොලිසියේ නිලධාරියකුට දුරකථනයෙන් කළ දැන්වීමට අනුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් එහි ගොස් සිරුර සොයා ගෙන තිබුණි.

මියගිය මවගේ තුන් හැවරදි දියණිය නිවසේ සිට ඇතත් අදාල සිදුවීම පිළිබදව ඇයට කිසිදු තේරුමක් නොමැති බව පොලිසිය පවසයි. කුඩා දියණිය මිත්තනිය බාරයට පත්කළ බව පොලිසිය සදහන් කරයි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක සංජිව ජයසූරිය මහතා   ස්ථානීය පරික්ෂණයට පැමිණ ගෙල වැලලා තිබූ සිරුර ගසෙන් බිමට ගෙන පරික්ෂණ පැවත්විය.

එහිදි මරණයට පත්ව සිටි කාන්තාවගේ හිසේ තුවාල කිහිපයක් තිබෙනා බව පොලිසිය තහවුරු කර ගෙන තිබූ අතර එය මොට ආයුදධයකින් හෝ හිස බිත්තියක හප්පා ඇති බවක් පොලිසිය අනාවරණය කර ගත්තේය.

ඒ අනුව කාන්තාවගේ මරණයට හේතුව පහරදීමක් වියහැකි බව නිගමනය කළ විනිසුරුවරයා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා මරණයට හේතුව අධිකරණයට වාර්තා කරනා ලෙස පොලිසියට නියෝග කළේය.

 



අදහස් (0)

තරුණ එක්දරු මව මරා ගසක එල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site