(ඉන්දිකා රාමනායක)

ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

නවගමුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 8 ට මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව කරන ලද පැමිණිල්ලකට අනුව ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .

ඒ සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර පරීක්ෂණයේදී ජපානයේ රැකියා ලබාදෙන බවට පවසා දිවයිනේ විවිධ පුද්ගලයන්ට වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 32 ඇයට විරුද්ධව ඇති බවත් , ඇතැම් නඩුවලට අධිකරණය මග හැරීම හේතුවෙන් ඇයට වරෙන්තු 17 ද නිකුත් කර ඇති කාන්තාවක් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි කාන්තාවකි .