(ශාන්ත චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)

දිඹුල - පතන ඩෙවෝන්දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී තරුණියක අතුරුදහන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.

තරුණියන් හතර දෙනකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණ දිය ඇල්ලේ ඉහල කොටසට ගොස් ඇති බවත් ඉන් පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් එම තරුණියන් පිරිස කකුල් සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී තිබේ.

දිය ඇල්ලෙන් පහලට වැටීමෙන් අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

මීටර් 97 ක උසකින් යුත් ඩෙවෝන් දිය ඇල්ලේ පහල ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් බවත් මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමේ පවතින බව පතන ප්‍රදේශවාසීන් කියති.

පහලට ඇඳ වැටීමෙන් අතුරුදහන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින් යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය භට පිරිස්වල සහාය ලබා ගැනීමට පියවර ගෙන තිබිණි.

(ඡායාරූප රංජිත් රාජපකෂ)