IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තෝමස් ගැටුමේ දී අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

(ඩී.ජී.සුගතපාල)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවන් හඳුනාගත්  සැකකරුවන් දෙදෙනාගෙන්  එක් සැකකරුවකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය.

රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක්  මත සැකකරු මුදා හැරිණි.  

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ අවිඳු තික්ෂණ පතිරණ සහ අම්බලන්ගොඩගේ චින්තක සුදේශ් යන සැකකරුවන් දෙදෙනෙකි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්කිකරුවන් තිදෙනා විසින්ම සැකකරුවන් දෙදෙනා හඳුනා ගන්නා ලදී.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ අප්‍රියල් 9 වැනි දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල අතර පැවති අවසන් තරගයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලකුණු 11 කින් ජයග්‍රහණය කිරීමත් සමඟ 150 ක පමණ පිරිසක් ක්‍රිඩාංගණයට කඩාපැන ඇති බවයි.

පසුව ජයග්‍රාහි සාන්ත තෝමස් කණ්ඩායම ක්‍රීඩා මණ්ඩපය  වෙත එමින් සිටියදී කලහකාරි පිරිස ඔවුනට පහරදීමට පටන් ගෙන ඇති බවත් එහිදී කණ්ඩායමේ නායකයා වූ සිතාර හපුහින්න යන අය  කොටු වී තිබෙන අතර ඔහුට අතින් පයින් සහ කොඩි කණුවලින් පහරදී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියාසිටියේය.

පහරදීම සම්බන්ධයෙන් සාන්ත තෝමස් කණ්ඩායමේ නායකයා පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

 



අදහස් (0)

තෝමස් ගැටුමේ දී අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site