(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
තබ්බෝව ජලාශයට ආසන්නයේ පිහිටි පැරණි අයියනායක දේවාලයේ ඇති අයියනායක දේව ප්‍රතිමාවට පළඳා තිබූ රන් මාලය අද (21) කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බව ජනතාව පවසයි.
තබ්බෝව ජලාශය ආසන්නයේ පිහිටි මෙම අයියනායක දේවාලය තුළ වසර 10 කට ප්‍රථම අයියනායක ගම්බාර දෙවියන්ගේ දේව ප්‍රථිමාවක් ඉදි කර එහි ආරක්ෂාවට වීදුරු කුටියක්ද සකසා තිබූ බව කියයි.
කෙසේ නමුත් ජනතාව පවසන්නේ අද (21) අලුයම් කාලයේ කිසිවකු විසින් මෙම දේව ප්‍රථිමාවේ වීදුරු කුඩුකර ඉන් පසුව එයට ඇතුල් වී මෙම රන් මාලය සොරා ගෙන ගොස් ඇති බවයි.
ජනතාව පවසන්නේ මෙම රන් මාලය පවුම් දෙකකට ආසන්න බරකින් යුක්ක වූවක් බවත් දේවාලයට භාරයක් ඔප්පු කිරීමට තබ්බෝව ප්‍රදේශයේම පදිංචි අයකු පූජා කර තිබූ බවත්ය.
කෙසේනමුත් මේ පිළිබඳව කිසිවකුත් අද (21) දහවල් වනතුරුත් කරුවලගස්වැව පොලිසියට පැමිණිලි කර නැති බව පොලිසියෙන් කළ විමසීමේදී පැවසීය.



COMMENTS
තමන්ගේ මාලය බේරගන්න බැරි නම් පුළුවන්ද අනිත් අයට පිහිට වෙන්න...
ප්‍රශ්නයක් නැහැ හොරා තව දවස් 7ක් තුළ මියයනවා...!!!
නිසැකවම ඕක කරන්න ඇත්තේ අර කැලණි ගඟෙන් ආපු නාගයා වෙන්නැති..
දෙවියන්ට රත්තරන් වලින් ප්‍රයෝජනයක් නැහැනේ. වුවමනාවක් තියෙනවා නම් ඕනේ තරම් මවාගන්න පුලුවන්නේ...
දෙවියන්ට රත්තරන් වලින් ප්‍රයෝජනයක් නැනේ... වුවමනාවක් තියෙනවා නම්... ඕනෑතරම් මවාගන්න පුලුවන්නේ..
පේන හැටියට නම් බිඳලා අරගෙන ගිහිල්ලා නෙමේ අරගෙන බිඳලා ගිහිල්ලා වගෙයි.
මම වැඩේ බලාගන්නම්කෝ... දින 7ක් යනවා.
ඔය දේවාලේ බොහොම හාස්කම් තියනවලුනේ..! දෙයියෝ ඔය කවුරු හරි දුප්පතෙකුට රත්තරන් මාලේ තෑගි කරන්න ඇති...
වීදුරුව බිඳපු එක වැරැදියි. නැති බැරි මනුස්සයෙක් නම් ඒ ගැන දෙවියන්ට කියලා අරගෙන ගියා නම් දෙවියෝත් නිහඬව සිටීවි. මොකද අවුරුදු සිය දහස් ගණනක් මාලය දේව ප්‍රතිමාවේ කරේ තිබුණත් දෙවියන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසා...
කවුරු වුණත් අයියනායක දෙවියන්ට පිදූදෙයක් හොරාගෙන නම් දුක් වෙනවා ඒ මෝඩයා ගැන... ටික දවසක් ඉඳලා බලන්න ඊළඟ ප්‍රවෘත්තිය ගැන..
වනාන්තර ඇසුරේ ජීවත්වන අය දන්නවා දෙවි දේවතාවුන් අදහන ක්‍රමය. ඔවුන්ගේ ඒ විශ්වාසය නිසාම දෙවි පිහිට ඔවුන්ට ලැබෙනවත් ඇති. එ්ක ඉතා පැරණි සංස්කෘතික සම්ප්‍රදායක්. ඒ නිසා මේ පළඳනාව හොරකම් කරපු තැනැත්තා ඇත්තටම කරලා තියෙන්නේ වන්නියේ ජනතාවට අපහාසයක්. ඒ තැනැත්තාගේ හෘදසාක්ෂිය විසින්ම ඔහුට දඬුවම් දෙනු ඇති.
දෙවියන්ට තමන්ගේ දේපල රැකගන්න බැරිනම් අනික් ගේ දේපල රැකදෙන්නේ කොහොමද කියා හිතන්න බැරි අය ඉන්න රටක් මේක.