(විනීතා එම්. ගමගේ)
ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද(16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත.
තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම සේවා සපයන ස්ථානයක් බවට පත් කර ගැනීමට හැකිවන පරිදි සංවර්ධන යෝජනාවලියක් සැකසීම යන කරුණු මුල් කරගෙන මෙම වර්ජනය සිදුකරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම ක‍්‍රියාමාර්ගයට, වෘත්තීය සමිති 21 ක් සහය දක්වන බව දක්වා ඇතැයි පැවසූ බණ්ඩාර මහතා ඉදිරි දෙදින මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අඩාල වනු ඇතැයි ද කියා සිටියේය.
මේ පිළිබඳව තැපැල්පති රංජිත් ආරියරත්න මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු කියා සිටියේ එවැනි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැඹෙන බව ඔවුන් තමන් වෙත දන්වා ඇති බවය. ඔවුන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සාකච්ඡා කළ නමුත් ප‍්‍රශ්න නිරාකරණය නොවූ බැවින් ඔවුන් වර්ජනයකට එළඹුණු බවත් හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවන ගමන බොහොම දුෂ්කර එකක් වගෙයි. හරියට ඉස්සර ආනමඩුව පැත්තේ පාරක් දිගේ යනවා ගමනක් වගෙ. එක වලකින් ගොඩ වෙලා ටික දුරක් යනකොට තව වලකට වැටෙනවා. පොඩි වලවල් නොවේ අලි ලැගපු වලවල් වගෙ මඩ වලවල්. එක වැඩ වර්ජනයක් අවසන්වෙලා ටික දොහකින් තව වර්ජනයක්. ඉතින් කොහොමද රට දියුණු වෙන්නෙ.
ඒක් තැපැල් ස්ථානයක තැපැල් ෙස්වකෙයා් ෙගාඩක් ඉන්නවා.....කරන්න වැඩක් නෑ ඔවුන්ට....
ඉතාම අකාර්යක්ෂම ආයතනයක් වන තැපැල් දෙපාර්තමේන්තුව වර්ජනය කලත්, නොකලත් වැඩි වෙනසක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ.
මේ දාල තියෙන පින්තුරය ලංකාවේ තැපැල් පෙට්ටියක් නොවයි.
නමට කව්රුත් බෞද්ධයෝ . නමුත් තණ්හාව ඉහවහ ගිහින්
ඕක පටන් ගත්ත දා පටන් පාඩුයි. නව තාක්ශනයත් දියුනු වෙන්න කිසිම උනන්දුවක් නෑ. ඕකෙ බෙදා දෙන බහුතරයක් ආන්ඩුවෙ ලිපි දේශපාලකයන්ගෙ ලියුම්. කිසිම කාර්යක්ශම තාවයක් නෑ. මේක වැඩ කරත් ඉදින් වර්ජනය කරා වගේ තමයි.
දේශපාලනය කරන අයට වඩා ලොකු හානියක් රටට කරන්නේ මේ සමිතිකාරයෝ සහ බොහෝමයක් රාජ්‍ය සේවකයෝ, නිලධාරීන් . රාජ්‍ය ආයතන බොහෝමයක් කෝටිගනන් මාසෙට මහජන බදුමුදල් ගෙවමින් කුලී ගොඩනැගිලි පාවිච්චි කරනවා ඒවට වචනයක් කතා නෑ හැබයි පුද්ගලික අවශයතා නිසා රටම අකර්මන්‍ය කරනවා.
මීට කාලෙකට කලින් සළුසල කියාල ආයතනයක් තිබුනා. එකේ සේවකයොත් ඔය විදියට වැඩ වර්ජනය කලා. මිනිස්සු ඒ වෙද්දිත් සලුසල පැත්ත පලාතේ යන්නේ නැහැ. මොකද ඕනි තරම් වෙනත් සේවාවන් තියෙනවා. කාලයක් ස්ට්‍රයික් කලාම රජය හින් සැරේ ඒ අයට වන්දි දීලා ගෙදර යැව්වා. එදා ඒ මිනිස්සු හරියට වැඩ කරලා ආයතනය දියුනු කලා නම් එහෙම ගෙදර යන්න වෙන් නැහැ.