IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තැපැල් කාර්යාලයක සොරකමක්

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ තැපැල් කාර්යාලය අද (29) කිසියම් පුද්ගලයකු විසින් එහි ජනේලයක් බිඳ ඇතුලු වී කාර්යාලයේ ලාච්චුවක තිබී රුපියල් තිස් දහසක (රු.30000/-) මුදල් සහ රුපියල් 20,000ක් වටිනා තැපැල් මුද්දර සොරකම් කර ගෙන ගොස් ඇතැයි තැපැල් ස්ථානාධිපතිවරයා අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබෙන බව කියයි.

ඒ අනුව අද (29) දහවල් 1.00 ට පමණ කලුතර අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දර්ගා නගරයේ තැපැල් කාර්යාලයට පැමිණ මෙම සොරකම සිදු කර ඇති ආකාරය විමර්ශනය කර එම තොරතුරු සටහන් කර ගැනීම සිදු කළ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකිරීමට නියමිතය. තැපැල් කාර්යාලයේ දර්ගා නගරය මහජන ක්‍රීඩාංගණය දෙසින් ඇති ජනේලයක් ඉස්කුරුප්පු නියනක ආධාරයෙන් විවර කර එම සොරුන් තැපැල් කාර්යාලයේ පරිශ්‍රයට ඇතුලු වී ඇති බව විමර්ශනයෙන් හෙළි වී තිබේ. එම ජනේලය ද බිඳ ඇතුලත ආරක්‍ෂිත අගුල ඇර මේ තුළින් ඇතුල් වී මෙම සොරකම සිදු කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය සහ කලුතර අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරීන් පරීක්‍ෂණ සිදුකරයි. තැපැල් කාර්යාලය ඉදිරිපිට රජයේ බැංකුවක් ද යාබද ගොඩනැගිල්ලේ ප්‍රාදේශීය සභා උප කාර්යාලය සහ දර්ගා නගර පොලිස් මුරපොල ද පිහිටා තිබෙන බවත් තැපැල් කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරයි.



අදහස් (4)

තැපැල් කාර්යාලයක සොරකමක්

ravindra Saturday, 29 February 2020 12:00 PM

ඕක පොලිසියේ කට්ටියගේ වැඩක්ලු..

:       4       67

Pradeep Saturday, 29 February 2020 12:57 PM

ජනේල්වලට ග්‍රිල්වත් ගහලා නැහැනේ. හොරු නොපැන්නොත් තමයි පුදුමේ...

:       0       20

ඌරු ජුවා Saturday, 29 February 2020 06:46 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවාලු.

:       0       40

chutee Saturday, 29 February 2020 06:50 PM

අල්ලාගෙන ගිහින්, යුනිෆෝම් ගලවලා, කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා ,ඔළුවට මිරිස් කුඩු මල්ලක් දාලා, 2යි 2 පොල්ලකින් හොඳට දුන්නා නම් හරි. ඔක්කොම වමාරයි.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site