(සුජිත් හේවාජුලිගේ)
තංගල්ල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ පාවිච්චිය සඳහා වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබාදුන් බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
රාමනායක මහතාට රූපවාහිනී යන්ත්‍රයක් මෙසේ ලබා දුන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ඉල්ලීමක් සලකා සලකා බැලීමෙන් පසුව යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මෙයට අමතරව රන්ජන් රාමනායක මහතාගේ පාවිච්චිය සඳහා වෙනම විදුලි පංකාවක්,මෙට්ටයක් හා වැසිකිළි කැසිකිළි පහසුකම්ද ලබා දී ඇති බව කී රත්වත්තේ මහතා ඔහු මන්ත්‍රී ධූරය දැරූ කාලයේදී පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිළ නිවාසය තවත් මාස හයක කාලයකට පාවිච්චිය සඳහා ලබාදුන් බවද සඳහන් කළේය .
තමාගේ බඩු භාණ්ඩ තබාගැනීමට එම නිවස යම් කාලයකට ලබාදෙන්නැයි රංජන් රාමනායක මහතා සිය ලේකම්වරයා මාර්ගයෙන් පසුගියදා ඉල්ලීමක් කළ බවත් තමා ඒ අනුව කතානායක වරයා සමග සාකච්ඡා කර එම ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කළ බවත් ඔහු පැවසුවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදරම ඉන්න දුනනනම් මීට වඩා හොද නැද්ද
ඔය හැමෝම ඇතුලේ රණ්ඩු වුනාට එලියෙදි යාලුයි මල්ලි.මම කියලත් වෙනසක් නෑ මල්ලි.කොහෙන් හිනාවෙන්නද මේවට.
ඇයි මෙයාට විතරක් විශේෂ සැලකිලි
මිනීමරලද හොරකම් කරලද කසිප්පු අරක්කු විකුණලද බාර් කරලද කුඩු ගෙනල්ලද විකුනලද. නැහැනෙ නැහැනෙ . පුන්චි කට වාචාල කමට ඇරල. ඕක තමයි කියන්නෙ කරන දෙයක් මහපරිමානෙන් නිකමට බැන්කුවක් කඩල මහපරිමානෙන් කොමිස් ගහල මජජන බදු මුදල් හොරාකාල ඔය වගේ දේවල් කලානම් අදත් රන්ජ එලියෙ
සියලු සැප පහසුකම් දෙන්න නම් මොකටද හිරගෙට දැම්මෙ? මෙක තව එක විහිළුවක් තමයි මෙ මූසල ආණ්ඩුවෙ. හිරෙ ඉන්න ඔනෙ මිනිස්සු එළියේ දාලා තව කිඹුල් කදුළු හෙළනවා. පව්... !!!
පාර්ලිමෙන්තුවෙ සිටිය යුතුම පුද්ගලයන් අද බන්ධනාගාර ගත කර ඇත. එසේම බන්ධනාගාරගත කළ යුතුම පුද්ගලයන් මාර හොරුන්, මිනීමරුවන්, කොටි, එතනෝල් කාරයින් මහ බැංකු හොරු ඇතුළු පාස්කු මිනීමරුවන් අද නිදහසේ පාර්ලිමෙන්තුවෙ ඇති...
මොනවා ගත්තත් කමක් නැ සමාවක් නම් ඉල්ලන්න එපා අමාරුවෙන් හරි ඇදල වරෙන් උබ රටේ ජනාධිපති කරවනවා
දැන් ඉතින් ගෙදර හිටිය වගේ තමයි.
මෙතුමා මුලදීම කිව්වා හිරගෙවල් එක්ක නෙමෙයි දැම්මාත් මගේ කට වහන්න බැ කියලා දැන් ජනපති සමාව ඉල්ලනවා මම අහලා තියන විදියට සිරකරුවන්ට පහසුකම් දුන්නා කියා මීගමුව බන්ධනාගාර නිලධාරියෙක් දැනටත් ඉන්නේ හිරේ.
මොකද අමුතු සැප එයාට විතරක්? මේකටද එක රටක්... එක නීතියක් කියන්නේ.? බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
සිරකරුවන් සියලු දෙනාටම පහසුකම් වැඩිකරන්න ඕනෑ. විශේෂයෙන්ම රක්ෂිත බන්ධනාගාරවල ඉන්න අය, විශේෂයෙන් රථවාහන සම්බන්ධ වැරැද්දකදී වුණත් රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා. ඒ අයට ගෙදරින් කෑම දෙන්නේ නැතිනම් කැමැති දෙයක් අරන් කන්න, නිදාගන්න සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් වැඩිකළ යුතුයි. ඒ අයට ගෙවල් වලින් කෑම දුන්නොත් වියදමත් අවම කරගන්න පුළුවන්..