IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘තුනෙන් දෙකේ බහුතරය තිබූ සැණින් දෙමළ ජනතාව නොසළකා හරින්න බැහැ‘

(එෆ්.අස්ලම්)
 
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනාගත් සැණින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ගෙන ඒමේ වගකීමෙන් කිසි විටක බැහැර විය නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
 
 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් උතුරේ  ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් ලබා දෙන ලෙසද හෙතෙම කියා සිටියේය.
 
 කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද(13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මේ අදහස් පළකළහ.
 
වැඩිදුරටත් අදහස් දක්වන ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය 
 
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද කඩමින් දෙමළ ජාතික සන්ධානයට හිමි ආසන ගණන අඩු කරන්නට රජය සැලසුම් සහගතව වැඩකළා.නමුත් අපි බලහීන වෙලා නැහැ.ඉදිරි කාලයේ අපෙන් ගිලිහුණු ආසන නැවත අත්පත් කරගන්නවා.
 
 නැවතත් ආණ්ඩු බලයට පත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ  ආණ්ඩුව ගැන ජාත්‍යන්තරය අවධානයකින් පසුවෙනවා.පහුගිය කාලයේ කටයුතු කළ ආකාරයට මතුවටත් කටයුතු කරන්න බැහැ.
 
 යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට උත්සහා කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතරමග නැවතිලා.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කර ගන්න එක වත්මන් රජයට සුලබ දෙයක්.
 
 එසේ ගෙන එනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුම් හිමිකර දිය යුතුයි. යැයිද සම්බන්ධන් මහතා කීය.
 



අදහස් (11)

‘තුනෙන් දෙකේ බහුතරය තිබූ සැණින් දෙමළ ජනතාව නොසළකා හරින්න බැහැ‘

Nihal Thursday, 13 August 2020 11:33 AM

දෙමළ දේශපාලකයන් නොසලකා හැරියට කමක් නෑ...

:       171       352

Nuwan Thursday, 13 August 2020 12:32 PM

මොනවද හලෝ ඔහෙලට නැති සිංහල අපිට ඇති දේ... ඒක කියන්නකෝ ඉස්සෙල්ලාම ...

:       9       543

mpFriday, 14 August 2020 02:44 AM

හොඳම ප්‍රශ්නයක් - මෙහේ සිංහල මිනිසුන්ට මෙතරම් ප්‍රශ්න තියෙද්දි මේ උතුරේ උදවිය කියන කථා නම්, අපූරුයි. අපට නැති අමුතු ප්‍රශ්න මොනවද ඔහෙලට..?

:       0       0

විජේ Thursday, 13 August 2020 01:32 PM

සීයෙ, ඔයා දැං අදහන ආගමක් අනුව පිනක් දහමක් කරගන්න. ඔය තනතුර දෙන්න ළමයෙක්ට, අලුත් විදිහට හිතන්න. ඔයා දැන් පරණයි. විකාර කරන්නේ නැතිව යන්න.

:       2       372

KamalThursday, 13 August 2020 02:12 PM

පොහොට්ටුවේත් ගොඩක් අය ඉන්නවා... පිනක් දහමක් කර ගන්න ඕනෑ. දන්නෝ දනිති..

:       428       1034

විජේ Friday, 14 August 2020 01:21 AM

ඔව්, මහින්ද අගමැතිතුමාත් මේ වාරෙන් පස්සෙවත් විශ්‍රාම ගියොත් තමයි හොද. රනිල් ලොක්කනං හාන්සීනෙ දැන්.

:       0       0

විජේ Friday, 14 August 2020 01:24 AM

කමල්, නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නකො නම් කීපයක්. සමහරවිට එයාලවත් දන්නෙ නැතුව ඇති එයාල එච්චරම වයසයි කියලා.

:       0       0

ravinath kumarasinham Thursday, 13 August 2020 04:14 PM

ආර්.සම්බන්ධන් මහතා කරුණාකර ඔබේ ගැටලුව විස්තර කරන්න. සෑම කෙනෙකුම එය දැකිය හැකිය. එවිට කතා කරනු ඇත. පසුපස දොරට නොයන්න. ප්‍රධාන දොරෙන් පැමිණෙන්න. ඔබට ස්තුතියි.

:       0       0

kiran Thursday, 13 August 2020 07:18 PM

Kamal, ඔයා කතිරේ ගහපු පැත්තේ නැද්ද.?

:       0       18

Bamunuarachchi Friday, 14 August 2020 04:41 AM

ඔයාලා දෙමළ මිනිස්සුන්ගේ ඔලුවට දාන දේශපාලන විෂබීජේ ඕක තමයි.

:       0       11

Bamunuarachchi Friday, 14 August 2020 09:47 AM

අනේ නැහැ පිස්සුද? අපි එහෙම නොසලකා හරින්නේ නැහැ..

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site