(නාලක සංජීව දහනායක)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව අප්‍රමාදව ලබාදෙන ලෙස නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ අද (10) පැවැත්වූ සාකච්ඡාවේදී පවසා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පැවැසූ බව එම සාකච්ඡාවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ඡී.එල්.පීරිස් සහ නිමල් සිරිපාල ද සිල්වා , වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.
COMMENTS
තීන්දුව ඉක්මන් කරන්න කියා පැවසීමත් උසාවියට කල තර්ජනයක් .
අර හොර මැරකම් වංචා මිනීමැරුම් නඩුත් ඔයගමන්ම ඉක්මන් කරොත් නරකද ? මොකද ඒවා කල් තබන්නේ ?
හිතල හරි නොහිතා හරි තීන්දුව කල් දැමීම හොද වැඩක් වෙනකක් නිසා නොව O/l විභාගය නිසාය. එය අවසන් වූ සැනින් තීරණය ලබා දෙනතුරු අපට බලා සිටිය හැක බල ලොභී කුහක දෙශපාලනයෙන් යැපෙන්නන්ට නොහැකි වුවත් අපට එහි ගැටළුවක් නැත. දේශපාලනයට වඩා අපට දරැවන්ගේ අනාගතය වටිනවා. දෙපැත්තම තීන්දුවෙන් පසු පිස්සු නටන බව නමි රටම දනී. එපැත්තටත් නැති මෙ පැත්තටත් නැති තීන්දුවක් දිය හැකිනමි එය රටට යහපතකි.
ඉල්ලීමක් කලොත්? ගරු අධිකරණයට කරන අයුතු බලපෑමක් නොවේද?
මෙසේ අධිකරණයෙන් ඉල්ලා සිටීම අයුතු උත්සාහයක් බව පෙනීයන කරුණක්. නීතිය තමන්ගේ පැත්තට වාසි විය යුතුයි කියා ඇතැමුන් මෝඩකමට සිතුවත් විනිසුරුවරුන් නිතරම ක්‍රියාකරන්නේ නීතියේ රාමුව තුල පිහිටලායි. එතුමන්ලාට තීන්දුව සඳහා කල්ගන්න අත්‍යවශ්‍ය හේතුන් ඇති. එතුමන්ලා තීන්දු තීරණ ගන්නේ පක්ෂක්ග්‍රාහී දේශපාලකයන් මෙන් නොවේ.මෙහිදී ජනාධිපති තම සීමාව ඉක්මවා අධිකරණයේ තීන්දුවට බලපෑම් කරනා බව පෙනේ. මේ තත්වය ව්‍යංගයෙන් හෝ අනියම් ආකාරයකින් අධිකරණයට අපහාස කිරීමක් නොවන්නේද ?
රටම විනාශ මුඛයට දාල දැන් මොන ඉක්මනක්ද? වෙන දේවල් දැන් වෙලා ඉවරයි..........රටේ හරි පරිපාලනයක් නැහැ, බඩුමිල අහස උසට නැගල දුප්පත් මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැහැ.
මේ වගේ නායකයෝ ඉන්නකොට මොනවා කියන්නද මන්ද ? අර්බුදයක් ඇති කරලා දැන් හරියට ඉන්නේ අපි පාර්ලිමේන්තුව විසිරෙව්වා වගේ............... අපිට මඩු වලිගෙන් තලන්න ඕනේ මේ කතා වලට............
ජනාධිපති ගෙදර යවන තීන්දුව ජනතාව දැනටමත් අරන් ඉවරයි.
මොකද ඔයතරම් කලබල තීන්දුව ගන්න. නීතිව්රෝධි වැඩකරලා තවත් නීතිවිරෝධී වැඩක් කරන්නද කල්පනාව?
අද තමයි සතිය ඉවර වෙන්නේ. කෝ තාම විසදුම?
සංචාරක කර්මාන්තයට පතුලටම වැටුණා..... දැන් ඉස්සරහටත් එසේමයි...... අපි අනාත උනා.
රනිල් වැරදි වැඩ කළානම් ඔබතුමා සතු විධායක බලතල හාවිතාකර පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රගතිශීලි මන්ත්‍රීවරුන් සමග එම වැරදි වැඩ වළකන්න කටයුතු කරන්නේ නැතුව නිකම් පැත්තකට වෙලා ඉඳලා මුළු පාර්ලිමේන්තුවම විසිරෙව්වම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ අවුල්වෙලා ආර්ථිකේ වැටිලා.., රට ජාත්‍යන්තරේ අපවාදයට ලක්වෙලා.. සංචාරක හෝටල් වල බුකින් කැන්සල් වෙලා. මේ සියලු පව් ඉදිරියට කරගහන්න වෙන්නේ පුරවැසි අපටයි..
සංඛ හා එහෙමද ඔක්තෝබර් 26 පස්සේද ඇහැඇරුනේ? බදුගහලා, වැට් ගහලා පොලී නග්ගලා දුප්පත් මිනිහා අමාරුවේ රනිල්ගේ ආණ්ඩුව. රනිල් මේ අවුරුදු 4ට රටට හෝ ජනතාවට කළදෙයක් ඇත්නම් කියන්නකෝ...? අපිට අහගෙන ඉන්න. මහින්ද ඇවිත් දින 20 ඇතුළත සහන බොහෝමයක් දුන්නා.