
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව ,හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ .
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූ මෙම මැති ඇමැතිවරුන් පිරිසට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී ඇති අතර, එම පිරිස ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් අය බවද දැනගන්නට ඇත .
මේ අතර, නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර, ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේ බවද දැනගන්නට තිබේ .
හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධය පළවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .
පසුපෙළ නියෝජනය කරන, ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම උපදේශක කාර්ය සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර, හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමකින්ද යන්න ඔහු විමසා ඇතැයි දැනගන්නට ඇත .
හිටපු ආරක්ෂක ඇමතිවරුන් , පොලීසිය භාර ඇමති වරුන් ආදි විශේෂිත පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත්, එසේ නොමැති පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම ගැටලුවක් බව ඔහු සඳහන් කර ඇත .
හිටපු ඇතැම් මැති ඇමතිවරුන් උද්ඝෝෂණ ආදියට ද, සිය ව්‍යාපාරික කටයුතු සදහාද, මෙම ප්‍රභූ ආරක්ෂකයින් රැගෙන යන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ .
එහිදී අදහස් දක්වා ඇති මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ, අදාළ කාරණය සම්බන්ධයෙන් තමා වහා සොයා බලන බවය
COMMENTS
ඉතිං අපිට මොකද කියන්නෙ. නීතියට වැඩ කල හැකි අයට පුලුවනි දඩුවම් කරන්න. හැමදාම රසවත් කතාන්දර කිය කිය ජනතාව මෝඩයට අන්දනවා. මේ රටේ කාටවත් මේ ආරක්ෂාව අවශ්‍ය නැහැ. එහෙම තත්වයක් දැන් රටේ නැහැ. බොරැ බිල්ලෙක් මවන තරමට තමයි වාසිය. මේවට වියදම් කරන මහජන මුදල් කෝටි ප්‍රකොට් ගනන්. අවශ්‍යම නම් අගමැතිටත් ජනාධිපතිටත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දුන්නහම ඇති. රනිල්ට, චන්දිකා සහ මෛතිට කිසිසේත්ම කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. කවුරැවත් ඒ අය මරන්න සැලසුම් කරන්නෙ නැහැ. ඒ නිසා මෙලෙස විනාශ කරන මහජන මුදල් වලට මේ රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මේව අපට කියල වැඩක් නැහැ. අන්තිමට මේ අයත් පැරදුනහම මෙහෙම කරල අපට කියාවි අරගොල්ලොත් එහෙම කලා කියල. ඒ නිසා හොද බබාල වගේ දැන් කීතිය කියාත්මක කරන්න.
ඔය පල් හොරුන්ට මොන ආරක්ෂාවද.?
මුදල් ඇමතිවරයා කියනවා රාජ්‍ය සේවය රටට බරක් කියලා පොලිස් නිළධාරින් 85000 සිටිද්දී එයින් 40000 ක් යොදාගෙන තියෙන්නෙ දේශපාලුවො ආරක්ෂා කරන්න මෙයිනුත් එය තවත් පැහැදිලි වෙනවා ඒ අතර රජයට සම්බන්ධ සංස්ථා හා මණ්ඩල වලට වැටුප් ගෙවීමට රජයේ මුදල් යොදා ඒවායේ ලොකු ලොක්කො අතිවිශාල වැටුප් ලබනවා. රටට වැඩදායක දෙයක් නොකරන ක්ෂෙත්‍ර නිළධාරින් විශාල පිරිසක් රජයේ සේවකයින් වෙද්දී සංස්ථා හා මණ්ඩල වල වැටුප් ගැනීමට පමණක් සිටින පිරිසක් ඉන්න බව සමහරු කියනවා මේවා බරක් නැද්ද.?
දියවනාව පට්ටියේ 226 පොදුවූ බිය වර්ග කීපයක් ඇත. එහි එක් ප්‍රධානතම බියක් වන්නේ ගුටිකන්නට ඇති බිය. තමන් අවංකව පක්ෂබෙදයෙන් තොරව උපන් රටේ මහජනතාව වෙනුවෙන් වැඩ කලේ නම් වැඩ කරන්නේ නම් තමන්ව මහජනතාව මෙන්ම ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරනු ඇත.
කෝවීඩ් වසංගත කාලයේ රජයේ සේවකයන් නිවෙස්වල සිටියදී වැටුප් ගෙවන්නට රජයට සිදුවුණා. වාසි පමණක් බලාගෙන විපක්ෂය මොනවා කිව්වත් බුද්ධිමතුන් පැවැති හා පවතින යථාර්ථය වටහා ගැනීම වැදගත්. ඒත්, රජයේ සේවය බරක් නම්, පාර්ලිමේන්තුවේ පිළිවෙලක් නැති මහා වියදම් රටට බරක් නෙමෙයිද ? රටේ බොහෝ මිනිසුන් අනන්ත දුක්පීඩා විඳිනා වෙලාවක, බලයේ නැති, තනතුරු නැති දේශපාලකයන්ට කරනා මේ අනවශ්‍ය වියදම් මොන තරම් අපරාධයක් ද .. ? ජනතාව නොදන්නා මෙවන් මුදල් නාස්තිවීම් තව කොපමණක් ඇතිද ? මෙවන් රටක් නොවැටී තිබේද ? මේවා හෙළිකිරීමට කටයුතු කළ පසුපෙළ මන්ත්‍රීවරුනි, ඔබතුමන්ලාගේ අවධානය මෙවැනි මුදල් නාස්තීවීම් ගැන තව තවත් යොමුවේවා ... !!!
මේවා කොහොමවුනත්, නම් ටිකත් කිව්වානම් හොඳයි නේද.?
ජනතා සේවය සදහා කැපවීමෙන් කටයුතු කල මෙවන් දේශ ප්‍රේමීන්ට දිවි ඇනි තෙක් මහජන වියදමෙන් ප්‍රභූ ආරක්ෂාව සැපයීමේ ඇති වරද කිම?
තනතුරු නැති වුනත් මේ උතුමන්ලාගේ ප්‍රභූ කම නැති වෙලා නැහැනේ.
නියම දේශපාලුවෝ. කිසිම ලැජ්ජාවක් නෑ.
ලැජ්ජා නැත්තෙ ආරක්ශාව ගත්තු අයටම නෙමෙයි. මේ රටේ බලය ඉන්න අයයි. එයාලයි මෙව්වාට වග කියන්න ඕන.. මහජන ආරක්ශක ඇමති අවුරුදු දෙකක්ම බුදියන් ඉඳලා.
මෙවන්නන් මුලු රටටම බරක්... මහජනතාවගේ බදුබරින් යැපෙන මොවුන්ගෙන් අයකරගත යුතුයි.
ජනතාව ගසකන දූෂිත දේශපාලුවන්ට මොන ආරක්ෂාවක්ද? ප්‍රභූවරු කියලා හිතාගෙන හිටපු කාලේ දැන් ඉවරයි...
මේ අයගේ නම් දමන්න. ඔයින් කී දෙනෙක් එන අඟහරුවාදා සජබ උද්ඝෝෂණය සඳහා එනවද කියලා දැනගන්න අපිට අයිතියක් තියනවා කියලා මම හිතනවා. මොකද ඔය ආරක්ෂකයින්ගේ වැටුප් ගෙවීම සඳහා මහජන මුදල් යොදාගන්නා නිසා....
කොහොමත් රටේ මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැත්තේ, වෙන්නෙත් දියවන්නාව හරහා තමයි.. බත්කන හරකුන්ට නම් ඕවා තේරෙන්නෙත් නෑ.. තේරුණත් පිළිගන්නෙත් නැහැ.. ඒ නිසා රට දවසින් දවස විනාශ වෙන එක නවත්තගන්නත් අමාරු වෙලා තියෙන්නේ...
බැසිල්ට පුළුවන්නේ ඕවට යන වියදම් දාලා අය වැය පියවන්න.