IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


තද වැස්සෙන් - සුළඟින් දිස්ත්‍රික්ක 6ක ජනතාව පීඩාවට

(ඩයනා උදයංගනී)

දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි, සුළං හා අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ජනතාව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහනුවර, නුවරඑළිය, කෑගල්ල, බදුල්ල, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි පවුල් 556 කට අයත් 2245 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 307කට අයත් 1,128 දෙනෙක් තද සුළං හා අකුණු අනතුරු හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද ඔහු සඳහන් කළේය.

මෙම ආපදා තත්ත්වයෙන් මරණ තුනක් වාර්තා වී ඇති අතර හත්දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවාස 22කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 484කට අර්ධ හානි සිදුව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 140කට අයත් 628 දෙනෙකු, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 66කට අයත් 286 දෙනෙකු, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 53කට අයත් 267 දෙනෙකු, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 51කට අයත් 193 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 5කට අයත් 29 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

තද වැස්සෙන් - සුළඟින් දිස්ත්‍රික්ක 6ක ජනතාව පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 387 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 406 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site