IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


තාජුඩීන් ඝාතන නඩුව විමසීම කල් යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව ඔහුට එරෙහි නඩුව විමසීම සඳහා ලබන මාර්තු 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(16) නියම කළේය.
 
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට පැමිණීමට නොහැකි තරම් රෝගී තත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා දෙපාර්ශවයේ සාක්කි ලැයිස්තු ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණි.
 
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීතී සංග‍්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
 
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතල රෝගී තත්වයෙන් ප‍්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කරන ලදී.
 
ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මාර්තු මස 02 වැනිදා යළි කැදවීමට නියම කළේය.
 



අදහස් (7)

තාජුඩීන් ඝාතන නඩුව විමසීම කල් යයි

Mahee Thursday, 16 January 2020 11:41 AM

විත්තිකරු තදබල අසනීපයෙන් බවට නීතිඥවරු "කරුණු" ඉදිරිපත් කළා.. වෛද්‍ය සහතිකයක් නෙමෙයි, නීතිපතිගෙන් විරෝධයකුත් නෑ. ඔන්න රන්ජන් අපේ වැඩ...!

:       0       105

Gune Thursday, 16 January 2020 11:54 AM

රන්ජන්ගේ පරීක්ෂණ ඉවරවෙනකල් මේක අහන එක සංස්කෘතියට, සභ්‍යත්වයට, සදාචාරයට, අරකට, මේකට හොඳ නෑ. ආණ්ඩුවේ කට්ටිය ගෑවෙන අනික් නඩුත් අහන්නේ නැති තරමට තමයි හොඳ...

:       0       73

Abdeen Thursday, 16 January 2020 11:56 AM

ඕක නඩුවක් නොවේ.

:       0       21

නන්නාදුනන හාදයා Thursday, 16 January 2020 12:36 PM

මේ රැල බලයේ ඉන්නකම්වත්, රනිල් විපක්ෂයේ හෝ බලයේ ඉන්නකම්වත් ඔය නඩුව අහන්නේ නැහැ. මේකට එකම එක විසඳුමයි තියෙන්නේ. මුළු රටම දන්නවනේ මිනීමරුවන් කව්ද කියලා. ඉතින් නන්නාඳුනන තුවක්කුකරුට පමණයි පුළුවන් සාධාරණයක් කරන්න. තවත් එක මිනීමරු කුඩු මුදලාලියෙක්ව ආණ්ඩුවේ අනුහසින් එළියට දානවා කියලා රාවයක් යනවා. මිනිහත් එළියට ආවාට පස්සේ ...නන්නාඳුනන තුවක්කුකරුට එකම දවසක මේ දඩයම් ඔක්කොම කරගන්න හැකිවුණොත් නම් නියමයි.

:       53       435

Bullet ProofThursday, 16 January 2020 03:35 PM

ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත... මේ දෙගොල්ලන්ම කරන්නේ එකිනෙකා බේරගන්න පොඩි නාට්‍ය දර්ශන ටිකක් අපේ රටේ මෝඩ මිනිස්සුන්ට පෙන්නන එක.. නඩුත් බඩුත් ඒ අයගේ තමයි...

:       0       2

Chathuri Thursday, 16 January 2020 01:39 PM

මේ නඩුව අහන්නෙත් නැහැ.. වැරදි කරුවන් හිරේ යන්නෙත් නැහැ.. මේ ආණ්ඩුව තියෙනකම් මෙයාට විසදුම් ලැබෙනවා... කල් ගිහින් වයසක මඩේ ගුරාලා මියගිහින්... එතකොට එලොව ඉඳන් නඩුව අහලා වන්දි ගෙවයි. තාජුදීන්ගේ පවුලේ කට්ටිය අද වෙනතෙක් දරුවා වෙනුවෙන් ඇයි නැගී නොසිටින්නේ? ගුරුකමක්වත් කරලද නඩු කල්දමන්න කරනවා වගේ. නඩුව හරියට අහපු දවසට උපාසක, උපාසිකාවන්ට රෙදි ගැලවෙයි. එහෙම දෙයක් වෙන්නේ අධිකරණය වෙනස් වෙලා යුක්තිගරුක නායකයෙක් බිහිවුණු දවසටයි.

:       21       81

කපුරුහාමි Thursday, 16 January 2020 03:28 PM

මේවා කරවපු උදවියගේ හඬපටවල් සොයාගන්න බැරුව ඇති... අනේ මන්දා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින්
2025 පෙබරවාරි මස 19 2 0

ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
2025 පෙබරවාරි මස 19 29 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 පෙබරවාරි මස 19 29 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
2025 පෙබරවාරි මස 18 260 0

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු
2025 පෙබරවාරි මස 18 85 0

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
2025 පෙබරවාරි මස 18 221 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 341 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1011 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site