(නිමන්ති රණසිංහ)
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නියම මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා මිනීමැරීමේ චෝදනාවට සම්බන්ධ අය නොවූ බැවින් සිද්ධියට අදාළ නියම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා අනවශ්‍ය ප‍්‍රමාදයක් ඇති නොකරන ලෙසත් මහේස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (29) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාර්ක් පාරේ ශාලිකා කි‍්‍රඩාංගනය අසල මාර්ගයේදී රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් නැමැත්තා කාර් රථයක් තුළ සැක සහිත ලෙස පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් රහස් පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ අංක 20, මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඞීන් යන අය විසිනි.
2025 නොවැම්බර් මස 04
289
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2120
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තාජුඩීන් ඝාතනයේ මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
chathuri Thursday, 29 November 2018 12:10 PM
මාගේ කිරිල්ලිට කිව්වා නම් නියම කුරුල්ලෝ ටික හොයාගන්න පුළුවන්... අසරණ හොරෙක් අහුවුණාම එල්ලලා නේද පොලිසියේ කට්ටිය ගහන්නේ? බලමු බේබිලවත් එල්ලයිද කියලා...
sisra kumara Thursday, 29 November 2018 01:05 PM
හොරු මිනීමරුවෝ ඩබල්ගේම්කාරයෝ එකට...
කරුණාපාල Thursday, 29 November 2018 02:07 PM
මිනීමරුවෝ හා මරන්න හේතුව මොකක්ද කියලා මුළු රටම දන්නවනේ? තජුදීන්ගේ කාරෙක තාප්පෙක හැප්පිලා ගිනිගන්න කලින්, තජුදීන්ගේ පර්ස් එක මහපාරට විසිකරලා තිබුනා කියල අපි දැනගෙන නම් ගොඩක් කල්? ඕවට අර කොහෙන්ද මන්ද හිනායනවා අපට...
නපුරා Thursday, 29 November 2018 02:36 PM
කට්ටියම ඉන්නේ දියවන්නාව අසල තියෙන අශුචි නිෂ්පාදනාගාරයෙයි.
Buddika Thursday, 29 November 2018 02:46 PM
රටම දන්නවා මිනීමරුවන් ගැන. පොලීසිය දන්නේ නැහැ.