IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අනීෂා මානගේ 

                                             
තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසකට රතිඤ්ඤා දල්වා දැමීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු පවසති.   
                          
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වන කළුආරච්චිගේ සමන් කුමාර නම් අයෙකි. 
               
තංගල්ල කාර්ල්ටන් නිවෙසේ ආරක්ෂක නිලධාරීයකු ලෙස සේවය කරමින් සිටින තංගල්ල විතාරන්දෙණිය ඉහළගොඩ ප්‍රදේශයේ පදිංචි ඕබඩආරච්චිගේ සමන්ත චන්දන නම් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසට මෙලෙස රතිඤ්ඤා දල්වා දැමීම නිසා දෙපිරිස අතර ආරවුලක් හට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.                                                           
තුවාලකරුවන් අතර පොලිස් සැරයන්වරයාත් සැරයන්වරයාගේ පුංචි අම්මා නම් කාන්තාවක සහ අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොහොයුරා  ද සිටිති. ඔවුන් වීරකැටිය දිසා රෝහලේ සහ තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි. 



අදහස් (0)

තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

අස්වැසුම පවුල්වලට ජපන් රැකියා
2025 ජනවාරි මස 24 86 0

රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවස


හිටපු සෙබළාගේ නිවෙසින් ගිනි අවියක් හමුවේ
2025 ජනවාරි මස 24 96 0

ඇල්පිටිය තලගස්පේ ප්‍රදේශයේදි ගිනි අවියක් ,පිහියක් සහ මත් කුඩු සමග හිටපු යුද හමුදා සෙබළකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කිය


පැන්නූ වත්කම් ගේන්න ස්විට්සර්ලන්තයේ සහාය
2025 ජනවාරි මස 24 425 0

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තා


ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට
2025 ජනවාරි මස 24 167 0

මාතලේ වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛන


ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට
2025 ජනවාරි මස 24 403 0

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය පවසයි.


කෝපා කමිටුවට නව සභාපතිවරයෙක්
2025 ජනවාරි මස 24 284 0

මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා දස වෙනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 16 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 531 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 638 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site