IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම නගර සභාපතිවරු තනතුරු අත්හරිති

(සුජිත් හේවාජුලිගේ)

තංගල්ල නාවලපිටිය සහ වැලිගම නගර සභාවල සභාපතිවරුන් එම තනතුරු අතහැර ඇති බව සඳහන් කරමින් ගැසට් නිවේදන තුනක් එම නගර සභාවල තේරීම් භාර නිලධාරීන් විසින් අද (17) නිකුත් කරනු ලැබීය.

මේ අනුව මෙසේ තනතුරු අතහැර ඇත්තේ තංගල්ල නගර සභාවේ සභාපති රවිඳු දිල්ශාන් ,නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව ෂා වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ධනුෂ්ක විජයරත්න ජයවික්‍රම යන තිදෙනාය.

මෙම තිදෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇති හෙයින් ඔවුන් විසින්ම එම තනතුරු අතහැර දමනු ලැබ ඇතැයි ඒ ගැසට් නිවේදනවල සඳහන්වේ .

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10අ (1)(අ) වගන්තිය යටතේ තංගල්ල නගර සභාව සභාවේ තේරීම් භාර නිලධාරී රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ ,නාවලපිටිය නගර සභාවේ තේරීම්භාර තේරීම් භාර නිලධාරී එම් එම් එස් බණ්ඩාර සහ වැලිගම නගර සභාවේ තේරීම් භාර නිලධාරීනී පෝෂිතා කෞමදී යන අය විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත .

මේ සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභා ශාලාවේදී ඊයේ(17) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති සසංක සම්පත් සංජීව මහතා පැවසුවේ තමා තනතුරින් ඉවත් වුණත් නගර සභාවේ උප සභාපතිවරයා සභාපති පුටුවට පත් කරන බවයි .

තමාට සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරය ලබාදී ඇති බවත් වර්තමාන ආණ්ඩුව ගෙදර යැවීමට නාවලපිටියේ ජනතාව සමග එකතු වී තමාට කළ හැකි උපරිම දේ කරන බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

තංගල්ල ,නාවලපිටිය සහ වැලිගම නගර සභාපතිවරු තනතුරු අත්හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site