‘තාක්ෂණය අවශ්‍ය නැහැ අපිට ගමේ වවාගෙන කාලා ඇති යනුවෙන් කවුරුන් හෝ කියනවා නම් එය රට කන අදහසක් මිස වෙන කිසිවක් නොවේ’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (18) පැවැසීය.
තාක්ෂණය නැතිව රටක් දියුණු වන්නේ නැති බව කී අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයේ කීර්තිමත්ම යුගය වන අනුරාධපුර යුගයේ පාලකයන්ටත් ඒ කාරණය වැටහී තිබිණැයි සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශයේ ශිල්ප සේනා ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය විවෘත කරමිනි.
එදා ලංකාව තරම් ඉංජිනේරු තාක්ෂණයෙන් දියුණු වූ රටක් තිබුණේ නැහැ. ඒ දැනුම පදනම් කර ගනිමින් එදා යෝධ ඇළ හැදුවා. මින්දේරිය, කලාවැව හැදුවා.
සීගිරිය, රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාම වැනි දාගැබ් ඉදිකළා. නෞකා ශිල්පය ගැන දැනුමක් තිබුණා. ඒ නිසා ඉන්දියන් සාගරයේ චීනය දක්වා යන නැව් ලංකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා මෙහි පැමිණියා යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශිල්ප සේනා ප්‍රදර්ශනය “ශක්තිමත් දෑතින් පොහොසත් රටක්” තේමාවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (18) සිට ලබන ඉරිදා (2) තෙක් පැවැත්වේ.
විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සංකල්පයට අනුව ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
COMMENTS
තාක්ෂණය භාවිතා කරනවා කියන්නේ ටැබ් බෙදීම වගේ වැඩ නෙමේ. මෙයා හිතන් ඉන්නේ ඒවගේ වැඩද කොහෙද. කෘෂිකාර්මන්තය රටකට අත්‍යාවශ්‍ය දෙයක්. වරද තියෙන්නේ නවීන ක්‍රම සහ දත්ත භාවිතා කරමින් ඒක නොකර එක. ඇමරිකාවේත්, ඊශ්‍රායලයෙත් වවනවා. රටේ නැති, අවශ්‍යතාවයට සරිලන සැපයුමක් නැති හෝ ඔවුන්ට වවනවට වඩා ලාභ ඒවා විතරයි ඔවුන් බොහෝ වෙලාවට ගෙන්වන්නේ.
" වස විස වලින් තොර අහාරපාන වලින් අපේ රට ස්වයංන්පොෂිත විය යුතුනම්" අපි අපේ අවශ්‍යතාවයන් ගමේ ගොඩේ දීම සපුරා ගත යුතුයි. එහෙම නැති උනොත්, අනාගතයේදී අපේ රටේ මනුස්සයින්ට " තාක්ෂනය කියන වචනයවත් තේරුම් බැරි තත්වයක් උදාවෙයි .
තාක්ෂණය කෙසේවෙතත්, රට කන අදහස් නම් ඔබතුමන්ලාට තියෙන බව අපට පැහැදිලියි.
මෙයා ටැබ් දෙන එක වෙන්න ඇති තාක්ෂණය කියල හිතන්නේ. තාක්ෂණය මුවාවෙන් ගසා කන එක කියන්නේ ටැබි වලින් ගහන කොමිස් උන්ට කොමිස් ගහන්න අපේ ළමයිට ටැබ් දීල උන්ගෙ ජීවිත කාලකන්නි කරන්න මෙයාට ඕන. තාක්ෂණය මේ රටේ පාවිච්චි කරන්න පුළුවන් ඒවටවත් පාවිච්චි නොකර බයිල කියල වැඩක් නෑ. අපේ රටේ ගොවින් ට අස්වැන්න ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඒ නිෂ්පාදනම පිටරටවලින් ගෙන්නගෙන මේ රටේ දේශිය ගොවියාට ලැබෙන්න තියන මිල නැති කරල දානවා. මම 1990 ඉගෙන ගත්ත විෂ්‍ය මාලාවම මගේ ළමය 2019 ඉගෙන ගන්න ව්ෂය මාලාවක් තියන රටක මුන් ටැබි දෙනවා. ඉතිං කියනව තාක්ෂණේ ගැන.
කිව්වොත් කියන්න්ගේ ගොන් තකතීරු කතා..// ගොට්ටන් කියන්නේ තුන්ලෝකෙට උගතා..// කෑමෙන් ස්වයන්පොෂිත රට වල් නොදියුනුද..// ඇ ගොන් අලියෝ බලාපිය අනිත් රටවල් නොදියුනුද ..//
හිගන්නන් මහජන නියෝජිතයන්වීමත් පාපයකි..// ඒබව හොදින් පැහැදිබව කාටත් නොරහසකි..// කිවොත් කියන්නේ මේ වගේ කතා..// නොකා නොබී හිටියත් යමු අපි නවතාක්ෂණය කරා..//
මීට අවුරුදු 20ක් ඉහතදී මේ තාක්ෂණය නොතිබුණත් හොඳ ගස්ලබු, දොඩම්, වී, එළවළු... හැම දෙයක්ම තිබුණා. තාක්ෂනේ දියුණුව කරා දැන් ගෙදර වත්තේ කිසිදෙයක් වවාගන්න බෑ. මෙලෝ රහකුත් නෑ. (උදා. ගස්ලබු ඉස්සර ගෙදරවල්වල ගස්ලබු ගස්වල ගෙඩි පිරිලා. අතු හැදිලා එ්වාගෙත් ගෙඩි..) දැනට ඉතුරු කොස් විතරයි. පුළුවන් නම් ඒකටත් කෙලවපල්ලා.
හලෝ ඔහේගේ පැරකුම් යුගයට මොනවාද වෙන්නේ.