අජන්ත කුමාර අගලකඩ
ලබන වසරේ ණය වාරික සහ පොළී ගෙවීමේ කිසිදු නොහැකියාවක් හෝ නීතිමය බාධාවක් නැතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (21) කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ පැවති කැබිනට් රැස්වීමට මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහබැංකු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ආචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද සහභාගී වී ඇත.
එහිදී වත්මන් ආර්ථික තත්ත්වය ලබන වසරේ ණය හා පොලී ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ඔවුන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
ලබන ජනවාරි මාසයේ ණය වාරික සහ පොලී ගෙවීමට ප්‍රතිපාදන සපයා ගෙන ඇතැයි ද එහිදී මහබැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.
ගෙන ඇති ණය සහ පොලී ගෙවීමට පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය නොවන බව මහා භාණ්ඩාගාර ලේකම්වරයා ද එහිදී ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාස භංගයකින් අහෝසි වුණු ආණ්ඩුවක කොහෙද ඇමති මණ්ඩලයක්..? ඇමැති මණ්ඩලයක් නැතුව කොහොමද කැබිනට් රැස්වීමක් පවත්වන්නේ...? ජනාධිපතිතුමා විහිළු කරනවද?
මේ නූගත් අමන නායකයින්ගේ බලුපොරය නිසා රටට මේ දවස් කිහිපයට සිදුවී ඇති ආර්ථික හානි මෙසේවේ.. නවත්වන ලද ලෝක බැංකු ආධාර වටිනාකම ඩොලර් බිලියන 185ක්... ඇමරිකානු රජයේ ආධාර ඩොලර් බිලියන 499... ජපන් රජයේ ආධාර ඩොලර් බිලියන 1.4.... ඩොලර් බිලියන 30ක කොටස් වෙළඳපල යෝජනා ඉවත්කරගෙන ඇත. රුපියල උග්‍ර, අවප්‍රමාණ වීම නිසා වූ හානිය ඩොලරයට සාපේක්ෂව රුපියල් බිලියන 100කි.. සංචාරක කර්මාන්තයේ සිදුවූ බුකින් කැන්සල් කිරීම් නිසා ඩොලර් මිලියන 50 ජී.ඇස්.පී. සහන ඉදිරියේදී නැවතීමට හොඳටම ඉඩ ඇත. මත්ස්‍ය අපනයනය තහනම් වීමට හොඳටම ඉඩ ඇත. උගතුන් හා රටට සම්පත්දායක තරුණයින් ලංකාව හැර යාමේ, විදෙස් රැකියාවලට යාමේ වේගය සීග්‍රයෙන් වැඩිවේ. සිම්බාබ්වේ සහ වැනිසියුලාව මේවාට හොඳම උදාහරණ වේ. අපි පැහැදිලිවම යන්නේ එම ගමනයි. සහතිකයි
සම්මත කරපු විදිහ දැක්කේ නැද්ද? හරියට කරන්න නොදී කවුද බාධා කෙරුවේ?
සම්මත කරපු විදිහ දැක්කේ නැද්ද? හරියට කරන්න නොදී කවුද බාධා කෙරුවේ?