
(රේඛා තරංගනී ෆොන්සේකා)
ණයට හෙරොයින් ගෙන මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය නියැලුණු ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ සහයක අද (10) රාවතාවත්තේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් පැකට් 1750 ක්, යතුරුපැදියක්, මුදලින් රුපියල් 65,000ක්, ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
මෙම සැකකරු මොරටුව පොලීසිය විසින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාල හඳුනාගැනීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුව සිදුකළ පරීක්ෂාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ප්‍රධාන ජාවාරම්කරුවකුගෙන් ණයට ගත් හෙරොයින් මෙසේ අලෙවි කර ඇති බවත් අලෙවි කිරීමෙන් පසුව ණය පියවීම සිදුකළ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
සැකකරු ජාලගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙන පුද්ගලයකු බවත් ඔහුගේ එකම පවුලේ 10 දෙනකු මේ වන විටත් වැලිකඩ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරුගේ බිරිඳ වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවත් ඔහුගේ වයස අවුරුදු 20 දියණිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇප මත සිටින්නීයක බවත් පොලිසිය ප්‍රකාශ කළේය.
මහා පරිමාණයෙන් පවුලේ සියලු දෙනා සමග ඥාතිත්වය අනුව ගතහොත් අයියා,මල්ලි,බිරිඳ අයියගේ දියණිය,පුතා යන පාර්ශව රැසකගේ සහභාගිත්වයෙන් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ව්‍යවසායකයන්ට සහනදායි පොළියකට රාජ්‍ය බැංකුවලින් ණය ලබාදිය යුතුයි.
හා... ඒ කියන්නේ පවුලේ ව්‍යාපාරයක්... බොහොම හොඳයි.
මේ දිනපතා කෙරෙන ‘හාල්මැස්සන් දඩයම‘ එක්කම මහා පරිමාණයේ කුඩු ගෙන්නන කට්ටියත් ඇල්ලුවොත් නරකද?
හොඳ වැඩක්. දන්නේ නැති නිසයි අහන්නේ..? මේ අල්ලන කුඩුවලට මොකද කරන්නේ? මහජනයාටත් පේන්න මේවා විනාශ කරනවා නම් හොඳයි නේද? ස්තුතියි.