(නිමල කොඩිතුවක්කු)
පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම් සඳහන් කරයි.
ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද එම සංගම් සඳහන් කරති.
ඉන්ධන නොමැති වීමෙන් මගීන් සමග බස් රථ අතරමග නතරවීමේ අවස්තාවන් සහ බස් රථය එක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තය සඳහා යාමට නොහැකි වූ අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අද (28) දිනයේ වාර්තා වූ බවද බස් සංගම් පවසති.
විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ වලින් අද (28) ධාවනය වූයේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඉන්ධන නොමැතිවීමෙන් එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීමට පියවර ගත් බවත් ඔහු කීවේය.
ඉන්ධන නොමැතිවීමේ බස් රථ විශාල ප්‍රමාණයක් මග නැවතුන බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් බස් රථ වලට මගීන් සමග පැය ගණන් ඉන්ධන පෝලිම් වල රැඳී සිටීමට සිදුවූ බවත් හෙතෙම කීවේය.
මේ හේතුවෙන් මගී ජනතාව මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු කීවේය.
ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් රුපියල් 2000ක පමණක් ඩීසල් නිකුත් කළ බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
කාර්්‍යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් ඊයේ දිනයේදී බස් රථ ධාවනයට පියවර ගත් බවද විජේරත්න මහතා පැවසීය.
අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 04
244
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑ