(තිළිණි ද සිල්වා)
යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇත.
එහි පොලිස් ඒකකය විසින් මේවන විටත් පැමිණිල්ලට අදාළ මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඩෙල්ෆ් ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් තම අභිමතය පරිදි සංවර්ධන කටයුතු සඳහා වන ටෙන්ඩර් තම හිතවතුන්ට ලබා දෙන බව අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් ඩෙල්ෆ් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු නොකරන බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව එම කොමිසමේ ප‍්‍රකාශකයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන