
(යොහාන් භාසුර)
සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම ආනයනය අත්හිටවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර ලිපි විවෘත කරගැනීමට ඇති අපහසුව නිසා එම සමාගම් එසේ සිමෙන්ති ආනයනයෙන් ඉවත්ව සිටින බව එම නිලධාරියා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉතිරි සියයට 40 ආනයන කරන බව කී එම නිලධාරියා දැනට සිමෙන්ති ආනයනය කරන සමාගම්වලට මසකට මෙට්‍රික්ටොන් 10,000 ක පමණ අතිරේක ප්‍රමාණයක් ආනයනය කිරීමට හැකිවුවහොත් මෙම තත්වය මඟ හැරෙනු ඇති බව ද සඳහන් කළේය.
දේශීය සිමෙන්ති නිෂ්පාදනය මසකට මෙට්‍රික්ටොන් 150,000 ඉක්මවන බව සඳහන් කළ එම නිලධාරියා සිමෙන්ති හිඟයක් පැවතීම හේතුවෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් සිමෙන්ති රැස්කිරීම නිසා හිඟය දැඩි වී ඇතැයි ද කීය.
සිමෙන්ති මෙට්‍රික්ටොන් 30,000 කට අධික ප්‍රමාණයක් මාසයකට ආනයනය කරන බවත් ආනයනික සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික්ටොන් 50,000 ක් පමණ වුවහොත් ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
රජය සිමෙන්ති පාලන මිල පසුගියදා ඉවත්කිරීමත් සමඟ කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඉහළ දැමූව ද මේ වන විටත් දැඩි සිමෙන්ති හිඟයක් පවතී.
සිමෙන්ති හිඟය හමුවේ සුළු පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් මෙන්ම එම කර්මාන්තයේ යෙදී එදිනදා වැටුප් ලබන පුද්ගලයෝ දැඩි අසීරුවට පත්ව සිටිති.
COMMENTS
අර රවී කරුණානායක කියන කෙනා බදු ගහන්නේ මොනාටද කියා කියා කල්පනාකලා අනුන්ගේ අපාට්මන්ට්ස් තමන් දන්නේන්ත් නැතිව තමාට අයිතිවෙලා කියල රටටම පෙන්නලා. වට්ස් ඇප් දුරකථන සහ මැසේජ් පහසුකමටත් බදු ගහන්න හිවල් කපටියගේ මනස වැඩකලා. ලංකාවේ උක් කර්මාන්තය දියුණුවෙලා ලාභාලබන ආයතනයක් වෙනකොට යහපාලකයෝ එම මුළු කර්මාන්තයම කොල්ල කාල දේශීය සීනි කර්මාන්තය විනාසකලා.
සිමෙන්ති සහ අත්‍යාවශ්‍ය අහාර සැපයීමවත් හිඟයකින් තොරව ජනතාවට ලබාදීම කලමණාකරනය කරගන්න අසමත් ආණ්ඩුව එදා සිටම කලේ ජනතාව අපහසුතාවයට පත්කිරීමයි.
අර බියගම අච්චු කන්තෝරුවේ ඩොලර් අච්චු ගහන්න බැරිද ?