IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඩොලරය 182 පනී

හර්ෂණ තුෂාර සිල්වා

 

දේශපලාන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (28) රුපියල් 182 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය.  

 

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 182.54ක් ලෙසත් ගැනුම් මිල 178.32ක් ලෙසත් දැක්විණි. 

 

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.3කින් අවප්‍රමාණය වී තිබේ.

 

‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත. 

 

වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට පසුගියදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි.

 

කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.

 

මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පැවැසීය.

 

මේ අතර දේශපාලන අර්බුදය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 4.1කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 

 



අදහස් (12)

ඩොලරය 182 පනී

Hafeel Wednesday, 28 November 2018 07:13 AM

කෝ පහුගිය දවස්වල ඩොලරය පිලිබඳ කියූ අය දැන් සද්ද නැත්තේ?

:       0       0

Daham Wednesday, 28 November 2018 07:28 AM

ඩොලරය නගින්න නගින්න පිටරටවල අයට තමයි ලංකාවට ආවහම වාසිය... ලංකාවේ ඉන්න අයට මහා ඛේදවාචකයක්....

:       0       69

BamunuarachchiWednesday, 28 November 2018 10:07 AM

ඒ වාසිය ලැබෙන්නෙත් ලංකාවට මුදල් එවනවානම් පමණයි.

:       0       55

Bamunuarachchi Wednesday, 28 November 2018 07:54 AM

අවුරුදු 4ක සැලසුමක් නැති විකෘති පාලනයේ අනිටු ප්‍රතිපල. නැතිනම් විදේශීය ඇමතිට ලොතරැයි මණ්ඩලය දෙන්නේ මොන පාලකයාද?

:       25       183

Ravi Wednesday, 28 November 2018 09:54 AM

දහම් , මොලේ අමාරුවක් නැති නම් පිටරට ඉන්න කවුරුවත් ලංකාවට මේ දවස් වල එන්න හිතන්නේ නැහැ .

:       0       6

Bamunuarachchi Wednesday, 28 November 2018 10:13 AM

රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ප්‍රතිපත්ති සහ කෙරුවාව තමයි මේ විඳවන්නේ... විදේශ ඇමැති ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටියා... රනිල් දුන්නා ඔන්න මුදල් ප්‍රතිපත්ති අයාලේ ගිය හැටි පෙන්වන උදාහරණ...

:       309       277

Thangalle sobitha himiWednesday, 28 November 2018 11:16 AM

බමුණෝ හැමදාම ලියන්නේ ගොන් කතාමනේ. ලොතරැයි මණ්ඩලෙන් කොහොමද ඩොලරය පාලනය කරන්නේ? ඔය දැන් දීලා බලන්නකෝ කරල පෙන්වන්නම් කිව්ව අයට හම්බවෙලා තියෙන්නේ... කොරල පෙන්වන්න එපැයි. ඔයාලව වහල් බැම්මෙන් මුදවලා දැන් අවුරුදු 4ක් වෙන්න ආවා. තවමත් බැඳලා හිටපුතැනම ගැවසීගෙන ඉන්නවා මිසක් අධ්‍යාපනයක් ලබලා නිදහස්ව හිතන්න පුරුදුවෙලා නැහැනේ. පක්ෂ පාට නැතුව නිදහස්ව ස්වාධීනව හිතන්න පුරුදුවෙන්න දරුවනේ..

:       0       1

Nandalal DE SILVA - FranceWednesday, 28 November 2018 01:08 PM

අනේ හිමියනි, එයාගේ දැනුම ගැන මේකේ හැමෝම දන්නවනේ... ආයෙත් ඔහොම දේවල් ලියලා අප්සෙට් ගස්සන්න එපා !

:       1       3

BamunuarachchiWednesday, 28 November 2018 02:41 PM

මොන පිරිවෙනේද විනය ඉගෙන ගත්තේ? කීවදේ තේරුම් ගන්න බැරිකම ඔහේගේ ගොන්කම මිසක් මගේ නොවෙයි. කගේ හරි පාංශුකූලෙකට ගිහිල්ලා කීයක් හරි හොයා ගන්නවා මිස ඔහෙට මොන ආර්ථික ප්‍රතිපත්තිද? රටක වැඩක් නැතිනම් මළ ගෙදරක වෙස්සන්තර ජාතකය කියන්න යන්න...

:       3       0

Isuru Wednesday, 28 November 2018 10:55 AM

ඔන්න ඔය බමුණු මහතාව මුදල් ඇමති කරලා ගන්නකො රුපියලට මොකද වෙන්නේ බලන්න !

:       0       0

sandy123 Wednesday, 28 November 2018 02:33 PM

නන්දලාල්, සහතික ඇත්ත. රත්තරන් හදන කෝවක දාලා මකලා හදන්න ඕනේ. මෝඩකමේ අන්තයටම ගිහිල්ලා.

:       0       1

Bamunuarachchi Wednesday, 28 November 2018 05:23 PM

සොබිත කියන පුද්ගලයා මට බමුණෝ කීවා නම් එයාට සෝබිතයෝ කීමේ අයිතිය මට තිබෙනවා. ඒ අයිතිය මගෙන් උදුරා දමන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31259 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 88 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site