(සුජිත් හේවාජුලිගේ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් සිවු දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
එහෙත් ඔවුන් සිව් දෙනාට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය බවට මෙතෙක් තහවුරු වී නැතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරියෙක් කීය.
ඩෙල්ටා කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසුව එම ගම්මානයේ 100 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කරනු ලැබූහ.
එම 100 දෙනාගෙන් 70 දෙනකුගේ පී.සී.ආර් වාර්තා ඊයේ(29)ලැබී තිබූ අතර සිවු දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත්තේ එම වාර්තා මගිනි.
කෙසේ වෙතත් ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයාගේ මව බිරිඳ සහ දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් යළි කොරෝනා පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයා සොයා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ නිවාස පහක 20 දෙනක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
මේ අතර ජයලිගම ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.
COMMENTS
දැන්වත් බොරුව නවත්වන්න. රටවල් සූරාකන වැඩ පිළිවෙලක්...