(සුජිත් හේවාජුලිගේ)
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ ඉදිරි සතියේදී යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
අවශ්‍ය සාම්පල සම්පූර්ණ වූ පසු එම පරීක්ෂණ කටයුතු අරඹන බවද හෙතෙම සඳහන් කළේය.
සාම්පල රැසක පරීක්ෂණ පසුගිය දිනවල නිමාකර එහි වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බාර දුන් බව පැවසූ ජීවන්දර මහතා එම පරීක්ෂණ මගින් ආසාදිතයන් රැසක් තහවුරු කර ගැනීමට හැකි වූ බවද ප්‍රකාශ කළේය.
ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූයේ හමුවූයේ කොළඹ නගරයෙන් ලබාගත් නියැදි වලින් යැයි හෙතෙම පැවසුවේය .
දිවයිනෙන් මේ දක්වා හමුවී ඇති ඩෙල්ටා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38කි.
මේ අතර ජාන විශ්ලේෂණ පරීක්ෂණ දිවයිනේ අනෙකුත් රෝහල්වලටද ව්‍යාප්ත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා පී.සී.ආර් උපකරණ කට්ටල පහළොස්දාහක් මිලදී ගැනීමටද සැලසුම් කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහා වෙන්න එපා. ඕකනම් බොරුවැඩක්... ඔය හදන්නේ රටේ තියෙන ඩොලර්ස් පිටරටට යවන ව්‍යාපෘතියක්... ස්තුතියි.