IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ

(සුජිත් හේවාජුලිගේ)

වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ඇස්ට්‍රාසෙනිකා සහ කොවිෂීල්ඩ් යනුවෙන් හැඳින්වෙන්නේ එකම එන්නත බවත් කිසිදු බියක් සැකක් නැතුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන මාස දෙකක් නොව මාස පහක් ගත වුවත් දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබාගත යුතු බව පැවසූ ජීවන්දර මහතා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් අයගේ ප්‍රතිශක්ති පද්ධතිය ආශ්‍රිතව මතක සෛල සැළකියුතු ලෙස ගොඩනැංවී ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති හෙයින් එසේ ප්‍රමාදවී හෝ දෙවැනි මාත්‍රාව ලබා ගත්තද ප්‍රතිදේහ ගුණනය හොඳින් සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් අයගේ කාර්යක්ෂම ප්‍රතිදේහ සති දහසයක් යන විට සියයට 26 කින් පමණ අඩු වී පැවතුණද නැවත ප්‍රතිදේහ ගුණනයට අවශ්‍ය කෙරෙන මතක සෛල හොඳින් වර්ධනය වී ඇති බව එම පරීක්ෂණවලදී පෙනී ගියේ යැයිද ඔහු කීවේය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් විවිධ කරුණු විමසමින් දිනකට දුරකතන ඇමතුම් සියයකට වැඩි ප්‍රමාණයක් තමාට ලැබෙන බවත් ඒ සෑම සියලු දෙනාටම තමා මේ උපදේශය ලබාදුන් බවත් චන්දිම ජීවන්දර මහතා පැවසුවේය.

මෙරට භාවිතා කෙරෙන සියලුම කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි.

 



අදහස් (1)

ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ

Sri Lanka Monday, 02 August 2021 05:08 PM

බොරුවට ඩෙල්ටා හොයන්න අපේ සල්ලි විනාශ නොකර ඔන්න ඔහොම එන්න... ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ටෙලිකොම් තාක්ෂණ නිලධාරින් කෝටි හතක කම්බි කපලා
2024 මැයි මස 23 3 0

වෙන්නප්පුව ටෙලිකොම් ආයතනයෙ රුපියල් කෝටි හතරකට ආසන්න භුගත රැහැන් පද්ධතියක් කපා උණු කර අලේවි කළැයි කියන එහි තාක්ෂණීක නිළධාරීන් හත් දෙනකු අත්අඩංගුවට ගත


ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට
2024 මැයි මස 23 61 0

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්න


මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගිනි ගනී
2024 මැයි මස 23 276 0

මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්ප


සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්
2024 මැයි මස 23 145 0

වෙසක් උත්සවය වෙනුවෙන් අද (23) දිනයේ රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.


නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා
2024 මැයි මස 23 176 1

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට
2024 මැයි මස 23 1492 1

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 894 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2446 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2097 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site