(මුදිතා දයානන්ද)
විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක‍්‍රමය මේ රටේ ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුයේ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දෙසියවස් සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මෙම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විණ.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල මහතා මෙසේද පැවසීය.
‘‘අවුරුදු දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස අපට කෙතරම් පාඩම් කියාදෙනවාද. අපි ඌව වෙල්ලස්ස අරගලය ගැන කතා කළ යුත්තේ ඒ පාඩම් ඉගෙන ගැනීමටයි.
අවුරුදු හැත්තෑවක නිදහසක් ගැන අපි කතා කළත් එය පොතට ,ව්‍යවස්ථාවට නීතියට පමණක් සීමා වෙලා. ඇත්තට රටේ ජනතාවගේ මනස නිදහස් වෙලා නැහැ. ඔවුන් තවමත් යටත් විජිතවාදයට ඔලූව නවන මනසක් සහිත ජනතාවක්. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙනියන්න හදනවා. අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රොහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා.
කවදත් සටන්කාමී ශ‍්‍රී ලාංකික ජනතාව, සමගියෙන් සටන් දිනූ ජනතාව බේද භින්න කරන්නට ඩොයිලිට හැකිවුණා. එයින් ඔවුන් සටන දිනුවා. අදත් එවැනි ජෝන් ඩොයිලිලා නැවත ඉපදීලා. ඔවුන්ට එරෙහිව සටන් කිරිම ඔබේත් මගේත් වගකීමක්.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.
ඡායාරූප- ඉෂාන් සංජීව





COMMENTS
බොහොම හොඳයි ජයවේවා !!!
අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රෝහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා වගේම ප්‍රජාතන්ත්‍රවාදියා සහ ප්‍රජාතන්ත්‍රවිරෝධියා කව්ද කියලත් ජනතාවට නොහැකිවෙලා...
කෙළින් වැඩ කරන අපේ සෙන්පති ජයවේවා!!!
ඔබතුමා කියන කිසිම දෙයක් දැන් පිළිගන්න අපහසු තත්වයකට පත්වෙලයි තියෙන්නේ. එක දවසක කියනවා සමනල සන්ධානය නිසා වැඩ කරන්න බැරි වුණාය කියලා. තව දවසක කියනවා සංස්කෘතික නොගැලපීමක් නිසා එකට කටයුතු කරන්න අපහසු තත්වයක් ඇති වුණාය කියලා. ආයෙ දවසක කියනවා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණාය කියලා. ඒ අතරේ " මැයි 03 වෙනිදා තාජ් සමුද්‍රා හෝටල් රථ ගාලේදී කෝටි 2ක් අල්ලස් ගනිද්දී හසුවූ එවකට කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ආචාර්ය අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක දෙදෙනා සමග දහම් සිරිසේනද සිටිබවට සාක්ෂි ලැබී ඇති බැවින් ඒ සිද්ධිය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු රෝ ඔත්තු සේවය එක්ව තමාවත්, තම පුත්‍රයාවත් සිරගත කිරීම පිණිස ඇටවූ උගුලක් වෙන බවත් පැවසු බවක්" අද අන්තර් ජාලයේ පලවී තිබෙනවා ඔබතුමාගේ උපදේශකයින් දුටුවාද නොදන්නෙමු.
එතකොට චීනේට පන්දම් හොඳයිද?
යටත් විජිතවාදයට ඔලුව නැමුවත් රටේ සිටින හොරුන්ට ඔලුව නැමුවත් අපට නම් සමානය. යටත් විජිත යුගයේ රටවල් මංකොල්ල කෑවේ ඔවුන් මංකොල්ලකරුවන් වශයෙනි. අද ශ්‍රී ලංකාව මංකොල්ල කන්නේ වර්තමාන දේශපාලකයන් විසින් දේශප්‍රේමින් සහ ප්‍රජාතන්ත්‍රවාදීන් වශයෙනි.
ඒක හරි
එතකොට සිරිසේන ක්‍රමයට මොකද කරන්නේ?
ස්වාධීනත්වය, අප එය ඉතා ගාම්භීරව සැමරුවද, සැබැවින් අපට ඇත්තේ ව්‍යාජ නිදහසකි. මිතුරන් ලෙසින් අපේ රටේ කරට අත දමාගෙන ඉන්නා ජාත්‍යන්තරය, උගුරු දණ්ඩට පිහිය තබාගෙන ඉන්නේ... දැගළුවොත් කැපීයන අාකාරයටයි.
ජනපතිතුමනි, රට, ජාතිය වෙනුවෙන් නොබියව කටයුතු කරන ඔබතුමාට අපගේ ප්‍රණාමය
පාර්ලිමේන්තු ක්‍රමය ලංකාවට ගෙනා එක්සත්රජධානියේ මේ වෙන තෙක් මේ වැනි අර්බුධ ඇතිවී නැත.
නියමයි. අන්න එහෙම කෙනෙක් තමයි අපිට ඕනි
ලංකාව ඉන්දියාවේ ප්‍රධාන වෙළඳපළ වී හමාරයි. මම පත්තරේ දැක්කා ඉන්දියාවෙන් ගිනිපෙට්ටියක් වගේ කාර් එකක් ගෙන්නන්න යනවා. එය බලන්න පත්තරේ කට්ටියත් ගිහිල්ලා තිබුණා. නමුත් මික්රෝ ලංකාවේ කාර් එක බලන්න ගියාද? දුම්රිය, නැව්, ගිලන්රථ සහ තෙල්ටික පවා ඉන්දියාවේ. ගොන්ටික රැස්වෙලා හොඳට බත් ගිලලා දවසට කෝටි ගනන් වියදම් කරලා දැන් බයිලා කියනවා...
ඩොයිලි අායිමත් ඉපදිලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩා ජනතාව බේධකරවා ගහපුගේම තමයි එදා වීර කතානායක නතර කලේ ..
ඩොයිලි ගැන වැඩක් නැහැ.. දැන් 'ඩමිය' දකුණු පැත්තේ එක්කෙනාද? වම් පැත්තෙ එක්කෙනාද?
ලංකාව දූපතක්... ලිඳක ඉන්න ගෙම්බෝ වගේ මමවත්, අනිත් රටවසියෝවත් ඉන්න සූදානම් නැහැ. කීදෙනෙක් දන්නවද ඩොයිල්..., කෝල්බෘෘක් ගිවිසුම්වල? සිරිසේන නම් නුසුදුසුයි.
මේ ගොල්ලන්ගේ කතාව එකක්. ක්‍රියාව තව එකක්. මේ සේරම මේ රටේ ජනතාව නොමග යවා බලය රැක ගැනීමයි. බලය රැක ගැනීමට ජාතික වීරයන්ව විකිණීමයි....
ඩොයිලිලා වගේම හිතුවක්කාර රජවරුත් නැවත ඉපදිලා...
ඕවා පුලුවන්නම් කියන්නකෝ තානාපතිලට, අපිද රැජිනට ගිහිල්ලා අත දුන්නේ? ලොකු ටෝක් නම් තියනවා...
ඔව්, ඔව්... ඒ වගේම මෙයාවගේ වැඩ කරන්න පුරුදු වෙන්න එපා. සත පහකට විශ්වාස කළ නොහැකි කෙනෙක්... අවුරුදු 25ක් එකටම හිටපු මහින්දට ඇනලා එජාප එකත් එක්ක හේත්තු වෙලා... ඒ පිහිටෙන් ජනාධිපති වුණා. ඊටපස්සේ ඒ ඔක්කොටම පයින් ගහලා තමන්ව මරන්න හිටපු කෙනා එක්ක දීගෙක ගියා. මේ සියල්ල ඇනුවේ මෙයාමයි. අද රටම විශාල අවුලක...
ඔතන සැපට වාඩිවෙලා ඉඳලා ඕක සමරලා හරියන්නේ නැහැ. ඌව වෙල්ලස්සට ගිහින් ඕක සමරුවා නම් හොඳයි... ඒ අගතියට පත් ජනතාවත් එක්ක... ඔවුන්ගේ ප්‍රශ්න වලටත් විසඳුම් දෙන ගමන්...
ඩොයි්‍ලි ඉපදිලා රට කනවා.
ගරු ජනපතිතුමනි... ඔබතුමා 2015 ගත්ත වැරදි තීරණය පමාවී හෝ නිවැරදි කිරීමට ගත් උත්සාහයට තුති පුදමි...
මෙතුමාගේ අපේ උරුමයන් ගැන කරන ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබෙනවා. නමුත්, අනිත් අතට ඩොයිලිලා මේ රටට අවේ නැත්නම්, අපි තවමත් රජෙකුට ආවඩන, කුල භේදයෙන් පිරි, වැඩවසම් යුගයක ජීවත්වෙන මිනිසුන් කොට්ටාසයක්. එමෙන්ම මා සිතන්නේ 1848 කැරැල්ල හැර, යටත් විජිතවාදී සමයේ සිදුවූ සියලු කැරලි සිංහල රදළයින් තමන්ගේ පැවැත්ම සඳහා කරන ලද කැරලි කියයි.
මෙතුමාගේ අපේ උරුමයින් ගැන කරන ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබෙනවා. නමුත්, අනිත් අතට ඩොයිලිලා මේ රටට අවේ නැත්නම්, අපි තවමත් රජෙකුට ආවඩන, කුල භේදයෙන් පිරි, වැඩවසම් යුගයක ජීවත්වෙන මිනිසුන් කොට්ටාසයක්.
බොරු සෝබන කතා. එහෙනම් ලංකාවේම ඉන්න. පිටරට යන්න එපා.
ඩොයිලි අගමැති ඇතුළු රටේ මුදල් හොරකම් කළ හොරු හොඳට ටයි, කෝට් ගහලා රටේ අහිංසක ජනතාවගේ මුදල් හොරකම් කරපු කෙනා...
මෙතුමා එකඑක දවසට එකඑක කතා කියනවා. අද කියලා තියෙනවා අර "පැරදුණා නම් පවුල පිටින්ම අඩි හයක් පොළව යට" කියලා කිව්වේ විහිළුවට කියලා. ඔල්මාදේ හැදීගෙන එනවා වත්ද මන්දා...