නිරෝධායනය කරන ලද ජපාන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි කොරෝනා වෛරස ආසාදිත මගීන් දෙදෙනකු මියගොස් තිබේ.
ජපාන පුරවැසියන් වන මොවුන් දෙදෙනාගේම වයස අවුරුදු 80ක් පමණ වන බවත් ඔවුන් වෙනත් රෝග තත්ත්ව වලින් ද පෙළෙමින් සිටි බවත් වෛද්‍යවරු පවසති.

ජපානයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී මොවුන් මියගොස් ඇත. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ 621 දෙනෙකු වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු වී ඇත. මෙය චීනයෙන් පිටත හමුවුණු වැඩිම රෝගීන් සංඛ්‍යාව වේ.
නෞකාවේ මගීන් 3700ක් සිටි අතර දින 14ක නිරෝධායන කාලයකින් පසු වෛරසය සඳහා ධනාත්මක නොවූ පුද්ගලයන්ට නෞකාවෙන් පිටත්ව යාමට අවසර දී ඇත.
කෙසේ වුවද ආසාදිතයන් දිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන් නෞකාවේ නිරෝධයන සැලැස්ම සම්බන්ධව විවේචන එල්ල වෙමින් තිබේ.
ජපාන කෝබේ විශ්ව විද්‍යාලයේ බෝ නොවන රෝගී අංශයේ මහාචාර්යවරයකු වන කොන්ටාරෝ ඉවාටා නැව නිරීක්ෂණය කිරීමෙන් පසු පවසා ඇත්තේ එහි තත්ත්වය මුළුමනින්ම අවුල් සහගත බවයි.
කෙසේවුවද ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු මෙයට පිළිතුරු ලෙස පවසා ඇත්තේ ඉතාම සංකීර්ණ තත්ත්වයක් යටතේ බළධාරීන් මහත් කැපවීමකින් වැඩ කළ බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
475
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා ආසාධිත දෙදෙනෙක් මිය යති