IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඩයිනෝසරයකුගේ අස්ථියක් ප්‍රංශයෙන් හමුවේ

ප්‍රංශයේ දකුණු දිග කොග්නැග් ප්‍රදේශයේ කළ කැණීමකදී ඩයිනෝසරයකුගේ විශාල ප්‍රමාණයේ කලවා අස්ථියක් සොයාගත් බව ප්‍රංශ පොසිල විද්‍යාඥයෝ පවසති.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සතුන් වාසය කළ බව සැලකෙන එම ප්‍රදේශය 2010 වසරේ සිට කැණීම් කරන ලද භූමියක් බවද ඔවුහු කියති.

මීටර් 2ක් පමණ දිග මෙම අස්ථිය, ශාක භක්ෂක, දිගු ගෙලක් සහ වල්ගය සහිත කටුසු ආකාරය දරන ඩයිනෝසර් විශේෂයකට අයත් බවද, වසර මිලියන 140කට ඉහතදී, ජුරාසික් යුගය අවසාන කාලයේදී පමණ මොවුන් සිටින්නට ඇතැයි විශ්වාස කරන බවද ඔවුහු කියාසිටිති.

‘මෙය දැවැන්ත සොයාගැනීමක්, මෙතරම් විශාල ඩයිනෝසර අස්ථියක් මෙලෙසින් සුරක්ෂිතව පැවතීම ගැන මම පුදුම වුණා’ පැරිසියේ ජාතික කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ රෝනන් ඇලයින් මහතා පැවසීය.

ප්‍රංශයේ කොග්නැග් ප්‍රදේශයේ කැණීම් අවස්ථාවලදී එම යුගවල සිටි බව සැලකෙන සත්ව විශේෂ 40කට අයත් 7, 500ට අධික පොසිල ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද ඔහු කීය.

(රොයිටර් ඇසුරිනි) 

16844



අදහස් (0)

ඩයිනෝසරයකුගේ අස්ථියක් ප්‍රංශයෙන් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site