(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරිමෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින සැකකරුවන් පස් දෙනෙකු අධිකරණ නිරීක්ෂණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද (30) ඉදිරිපත් කළහ.
ඉකුත් 14 වැනිදා ඩුබායි රාජ්‍ය මගින් මෙරටට පිටුවහල් කරනු ලැබූ පසු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනා මේ වන විට රැඳවුම් නියෝග මත තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 04
564
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි වලින් පිටුවහල් කළ 5 දෙනා මහේස්ත්‍රාත් හමුවට
සේන Friday, 31 January 2020 05:14 AM
පාස්කු ප්‍රහාරයෙන් මරුණු මිනිසුන්ගේ සොහොන්වල ගසුත් හැදිලා. රටට ගෙනාපු කුණු එතනම පස් වෙනවා. බඩගින්නට අඹයක් කාපු එකා හිරේ යනවා. මොකද්ද අවුලක් තියෙනවා නේද?