(ජයන්ත නානායක්කාර)
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කර පසුව රහස් පොලිසිය අත්අඩංගුවට ගත් සේපාල රත්නායක අමිල සම්පත්ව අප්‍රේල් 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මොරවක මහෙස්ත්‍රාත් ශශිකා මිතුනආරච්චි මහත්මිය අද (29) නියම කළාය.
සැකකරුව අද රොටුඹ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ රොටුඹ ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය ඩුබායි සිට මෙහෙයු බවට දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් රොටුඹ පොලීසිය විසින් මීට පෙර පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.


COMMENTS
මිනීමරුවන්ව මොකටද හිරේ දාන්නේ? අපේ සල්ලි වලින් කකා බිබී හිරේ ඇතුලේ ඉඳලා බිස්නස් කරන්නද? කෙලින්ම එල්ලන්න තියෙන්නේ නඩුවට පස්සේ.
දැන් නියමයි.රට හිටියටත් වඩා ලේසියට සැපට කරන එවා ඇතුලේ ඉදන් කරන්න පුලුවන්. නොදකින් මෙහෙමත් රටක්දැන් නියමයි.
අනේ ආයුධ පෙන්නන්න එක්ක යන්නකො...